Popular Posts

𝒯𝒽ℯ 𝓕𝓲𝓻𝓼𝓽 𝓟𝓪𝓰𝓮 𝓸𝓯 ʰᵒᵖᵉˢ 1




ලියවේය දස දහස් කවි පද
බේ නමින් ගොතාලා
කෙසේ පවසන්නේ වයාලා
ඔබ මගේ ජිවයයි ගෙවෙන දිවි පුරා

මවා රසදුන් සිනා කැන්
මහද ගැබ සිසාරා
ගෙනේ මිහිරක් හද තුටින් පුරවලා
‍රැක ගනිමි ඔබ මගෙයි සසර පුරා







🇽 🇮 🇼 🇦 🇳 🇬 🖤💙







වෙන් වන්නට කාලයයි

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

ඩාන්....ඩාන්...ඩාන්....

උසාවි භූමිය පුරාම ඇති නිහඬ බව බිඳගෙන ඇහුණු කුළු පහර හඬ නිසා මගේ සිහින ලෝකය බිඳිලා කුඩු වෙලා ගියා කියලයි දැනුනේ. දවස් ගානක් පුරාම මලකඩ කාපු කූරූ අතර හිර වෙලා සීතලේ පෙරවගන්න රෙද්දක් වත් නැතිව වෙව්ල වෙව්ල හැම හිර කුඩූවක් ගානෙම ඇහෙන මහා සද්ධත් හුරු උන මගේ කන් දෙකට මේ මිටි පහර ඒ තරම් දෙයක් නෙමෙයි. ඒත් ඒ තමයි මගේ ජිවිතේ ඉතිරිය තීරණ කරන මහා භයානක කුළු පහර....

මට ඕනී මේ කුළු පහර හඬට කන් නොදී ඈතින් ඇහෙන හරිම මිහිරි සීනු සද්දේට හිත යවන්න. ඒත් ඒ සීනු සද්දෙත් මගේ ජිවිතේ සතුට වගේ කවදාවත් නොලැබෙන දෙයක්.....මායාවක්....

"මේ අනුව අපචාරය , මුදල් වංචාව , බලහත්කාරයෙන් රඳවා ගැනීම වැනි තවත් වැරදි 8 කට වරදකරු වූ Wei Wuxian ව බරපතල වැඩ ඇතිව වසර හයක සහා තවත් වසර දහයකට සිර දඬුවම් ලබා දෙමි."

විනිශ්චයකාරතුමා ගේ තීන්දුව ඇහෙනකොට අඬනවද හිනාවෙනවද කියලා මම දන්නේ නැහැ. ඒත් මගේ ඇස් දෙකට කඳුළු පිරෙන්න ගත්තේ දිය උල්පතකින් වතුර උනනවා වගේ. මේ දවස් ගානට මම අඬපු වාර ගාන එක්ක බලද්දී මට උනන්න මගේ ඇස් දෙකේ කඳුළු ඉතුරු වෙලා තියෙනවා පුදුමයි. ඒත් මම විශාල හුස්මක් ඉහලට අරගෙන ගුටිකාලා හෙම්බත් වෙලා තියෙන මගේ රිදෙන උරහිස් දෙක හකුලන් තවත් පුංචි වෙන්න උත්සහා කලා.

මොකක්ද මගේ වරද?

මම දන්නේ නැහැ.....මගේ හදවත මම නිර්දෝෂි කියලා කෑ ගහද්දී ඒක ඔප්පු කරගන්න ශක්තියක් නැතිව මම ඉබේම බිම බැලුවා. ඒත් මොහොතකට මට ඒ ඇස් දෙක ආයේ බලන්න ඕනි....එකම එක සැරයක්.....ඒ හුරතල් ලස්සන ඇස් දෙක....මේ ලෝකේ මං වෙනුවෙන් ආදරය පිරුණු එකම ඇස් දෙක.....

මම හිමිට ඔලුව උස්සලා වටපිට බලන්න උනා. මොකද මට තව පුංචි කාලයයි තියෙන්නේ. එතනින් පස්සේ මගේ ජිවිතේ ලස්සනම කාලේ...නැහැ සමාවෙන්න මට එහෙම එකක් නැහැ....මට කවදාවත් තිබුනේ නැහැ....එත් දෙවියෝ එකම එක අවුරුදු දෙකක් විතරක් මට ඒ සතුට දුන්නා. ඒ තමයි මගේ මුළු අවුරුදු 24 ක ජිවිතේ එකම එක ලස්සන කොටස.....

මගේ ඇස් දෙක ඒ ඇස් දෙක හොයද්දී නිකන් ම මගේ ඇස් දෙක නැවතුනේ ඒ මෘගයා ළඟ.....ඌ මට මහා කැත හිනාවක් දැම්මා...ඇත්තමයි.....මගේ අත් දෙක ලෙහලා තිබුනා නම්!!!! දැන් වැඩක් නැහැ...ඌ දිනලා ඉවරයි...ඌ මගේ ජිවිතේ මගෙන් උදුරගෙන ඉවරයි.

පොලිසියේ දෙන්නෙක් ඇවිත් මගේ මාංචු දාපු අත්දෙක දෙපැත්තෙන් අල්ලන් මාව ඇදගෙන වගේ උසාවියෙන් එලියට යන්න පටන් ගත්තා. ඇත්තටම මම හිතන්නේ ඒ තරම් ඒක අමාරු නැතිව ඇති. මගේ දර ඉපලක් වගේ ඇඟ එයාලා ඇදගෙන යනකොට ඒක නිකන් උඩින් පියාඹනවා වගෙයි මට දැනුනේ.

"Yingying....."

මම ඇස් දෙක පියාගත්තා. මට දැනුනේ මගේ මුළු පපුවම හැකිලෙනවා වගේ...ඒ තමයි මම හොයපු ඇස් දෙකේ අයිතිකාරයා. මගේ පුංචි දඟමල්ල....අහ්...නැහැ දැන් මගේ නෙමෙයි....මේ මාංචු එක වෙලාවකට ගලවන්න මහත්තයෝ මට මගේ චූටි මැණිකව අන්තිම වතාවට බදාගන්න...එකම එක සැරයක් ඒ සඳුන් සුවඳ විඳගන්න....

"Hubby?"

"නැහැ Lan Zhan නැහැ...ඔයාට දැන් එහෙම කියන්න බැහැ...මම ඔයාගේ husband නෙමෙයි. මම ඔයාට Divorce එක දීලා ඉවරයි...දැන් ඔයා ආයේම Lan කෙනෙක්."

ඒ රත්තරන් පාට හැම වෙලේම සතුටින් උතුරන ඇස් දෙක අද නොපැහැදිලි ගඟක දිය රැල්ලක් වගේ කඳුළු වලින් හෙම්බත් වෙලා. මගේ චූටී Lan Zhan.... එයාලා කියන විදියට මගේ වරද ඔයාට මම ආදරේ කරපු එක නම් මම මම ආයේ ආයේ ඒ වරද කරන්නම් මැණික....ඒත් මගේ Lan Zhan ගේ අත් දෙක මගේ ඉන වටේ එතුනම මම කියන්න ගිය හැම වචනයක්ම හංඟගෙන එයා ඉස්සර අඬන්නේ නැතිව ඉන්න ලොකු කෙල ගුලියක් ගිල්ලේ ගොඩක් අමාරුවෙන්. ඒත් ඒක හැමදාම වගේ මගේ Wangji ට දැනුනා.

"Yingying....හැමදාම Lan zhan ගේ husband...Yingying කවදාවත් Lan Zhan ට බලහත්කාරකම් කරලා නැහැ. Yingying මේ ආත්මේ විතරක් නෙමෙයි හැම ආත්මේම මේ LAN ZHAN ගේ විතරයි..."

මගේ ඉනවටේ තියෙන එයාගේ පුංචි අත් දෙක තවත් තද වෙන්න ගත්තා. මම දන්නවා මට තව ටික වෙලාවයි තියෙන්නේ. ඒ නිසා මම ලොකු හුස්මක් අරන් මගේ මැණික ගේ සුවඳ මගේ පෙණහළු වලට පුරව ගත්තා. මම අවුරුදු 16 මේ සුවඳ නැතුව ඉන්නයි යන්නේ. එයාගෙ කඳුලු පිරුණු ඇස් දෙක මගේ ඇස් දෙක එක්ක ආයේම හම්බෙනකොට මම වේඳනාවෙන් එයා දිහා බැලුවත් මගේ Lan Zhan හිනී දිග ඇඟිලි වලින් එයා මගේ කම්මුල් දෙක පිහදාන ගමන් එයාගේ හරිම ලස්සන හිනාවෙන් එයා මට සංග්‍රහ කරන්න අමතක කලේ නැහැ. මම අඬනවා කියලා මම දන්නෙත් එතකොටයි.

"අඬන්න එපා මගේ Yingying...Lan Zhan මැරෙන දවස වෙනකන් හරි ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා...මම ඔයාට ගොඩක් ආදරෙයි...ඒක කවුරු කිවුවත් වෙනස් වෙන්නේ නැහැ."

ඒ සිනිඳු රෝස පාට පිරුණු තොල් දෙක මගේ වේලුනු තොල් දෙක ගාව මොහොතකට නැවතෙන කොට මගේ ඇස් දෙක ඉබේමයි පියවුනේ. ඒත් එක පාරටම මගේ Wangji මහා හයියෙන් බෙරිහන් දෙන සද්දෙට මම ඇස් ඇරලා බැලුවා.

"Wei Wuxian මම උඹට...."

"නවත්තන්න...."

"Mr Lan...මේක උසාවිය වගේම මෙතන ඔයාට ඕනි ඕනි විදියට කාටවත් අත උස්සන්න බැහැ. අනික Wuxian ඉන්නේ අපේ බාරේ....කරුණාකරලා මෙතනින් අයින් වෙන්න"

මාව අල්ලන් හිටපු පොලිසියේ මහත්තයා මගේ Wangji ගේ අත තද කරලා අල්ලන් ඉන්න එයාගේ දුෂ්ට බාප්පට හරිම තද විදියට කියලා මාව එතනින් අරන් යන්න පටන් ගත්තා.

"Yingying....මම කියපු දේ අමතක කරන්න එපා..."

Wangji ගේ බාප්පා එයාව ඇදගෙන යද්දිත් එයා මහා හයියෙන් මගේ දිහාවට කෑ ගහද්දී කඳුළු බේරෙන ඇස් දෙකෙන් ආයේ ආයේ එයා දිහා හැරී හැරී බලනවා ඇරෙන්න මම මොනවා කරන්නද? මම අන්තිම වතාවවත් මගේ දිහා කඳුළු අස්සෙන් හිනා වෙලා බලන් ඉන්න මගේ පුංචි හුරතල් බෝලේ දිහා බලලා ඇස් දෙක පියා ගත්තා. මම එයාගේ රූපේ මගේ මුළු හදවත පුරාම කොටා ගන්න ඕනි....මේ අවුරුදු දාසය මට හුස්ම ගන්න ඕනි නම් මට ඒක කරන්නම වෙනවා.

"කවුරු මොනවා කිවුවත්....ඔයා නිර්දෝෂි කියලා මට දැනෙනවා දරුවෝ...ඒත් මේ බල පුලුවන්කාර පවුල් වලට විරුද්ධව අපි කියලා මොනවා කරන්නද? ඒත් ඔයා සතුටු වෙන්න ඔයාගේ මහත්තයා තවමත් ඔයාව විශ්වාස කරනවා. ඒ නිසා ශක්තිමත් වෙන්න....හැම වෙලේම නපුර ජය ගන්නේ නැහැ....දවසක ඇත්ත එලි වෙනවමයි."

මම පුදුමෙන් මගේ උරහිසට තට්ටු කරන පොලිසියේ මහත්තයා දිහා බලලා වේදනාවෙන් හිනාවුනා. ඇත්ත මාව මගේ මැණික විශ්වාස කරනවා. මම එයා වෙනුවෙන් ශක්‍තිමත් වෙන්න ඕනි....ඔයා විතරයි මට හැමදාමත් ආදරේ කරේ...ඔයා විතරයි හැමදාමත් මට උණුහුම දුන්නේ...ඔයා විතරයි Wangji....මට ආදරේ දීපූ...දෙන එකම කෙනා...මම ඔයා වෙනුවෙන් ජීවත් වෙනමයි...

---

----

-----

------

-----

----

---

3rd Person POV

මාස හයකට පසුව
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

"Wei Wuxian ඔහේව හම්බෙන්න කෙනෙක් ඇවිත්"

Wei Wuxian සිටි සිරකුඩූවට ඇතුලු වුනු පොලිස් නිළධාරියා ඔහුගේ හැකුලුනු අත් දෙකට මාංචු දමලා ඔහුව අරගෙන අමුත්තන් සමග කතා කරන කාමරය වෙතට පැමිණියා. එහි කිසිවෙක්ම සිටියේ නැහැ. ඒත් මොහොතකින් එක් ජනේලයක් අසල සිටගෙන ඈත බලා සිටින පුද්ගලයා දුටුවම Wuxian ට කිසිවක් තේරුනේ නැහැ. ඔහු නිහඬවම ඔහු සඳහා නියමිත පුටුවේ අසුන් ගත්තා.

පොලිස් නිළධාරියා පැමිණ යමක් කියූ පසු අර අමුත්තා ද ඔහුට නියමිත අසුනේ අසුන් ගත්තා.

"හලෝ Wei Wuxian මගේ නම Wen Yubin. මම ආවේ මගේ Boss වෙනුවෙන් ඔයා එක්ක කතා කරන්න. මම තමයි ඔයාව නියෝජනය කරන lawyer. එහෙනම් අපි පටන් ගමු"

"ඇ...යි?" ඉතා අඩු ශබ්දයකින් ගොරෝසූ වියළුණු කටහඬක් ඇසුනා.

"Sorry....."

"ඇයි...??"

"ඇයි කියලා අහන්නේ?"

"ම...ට මෙහෙම...උද...ව්...ක..ර...න්නේ?"

තමන් ට ඇසුනු ගොරෝසූ ඒත් වේදනාබරිත කටහඬ තේරුම් ගැනීමට වගේ Yubin මද වේලාවක් ඔහු දෙස බලා සිටියා. ඒත් ඒ ඇස් දෙකේ පුපුරු ගහන වේඳනාව දකිනකොට Yubin ගේ හිතත් මෙලෙක් වුනේ ඇත්තටම....ඇත්තටම කෙනෙක්ට ඔහු අනාත නිසා මේ වගේ සලකන්න කාටවත් පුළුවන්ද කියලා සිතලයි. ඔහුගේ ප්‍රධානියා මේ අසරණ ජිවිතයට උදව් කරන්න තීරණය කරලා කරේ ඉතාම බුද්ධිමත් වැඩක් බව. ඔහු මෘදුව සිනාසී මේසය මත රැඳි මාංචු දැමූ හැකිළුනු දෑත් දෙක මතට සෙමින් තට්ටු කරන්නට වුනා.

"ඇත්තටම Mr Wei මම දන්නේ නැහැ මගේ boss ට ඔයාට උදව් කරන්න ඕනි උනු හේතුව...ඒත් මට දැන් තේරෙනවා එයා ඇයි ඔයාට උදව් කරන්නේ කියලා. බය වෙන්න එපා මගේ boss ඔයාගෙන් කිසිම දෙයක් බලා පොරොත්තු වෙන්නේ නැහැ. එයා අහිංසක මිනිස්සු වෙනුවෙන් උදව් කරන්න කැමති, සල්ලි වියදම් කරන්න කැමති, අසාධාරණේ පෙන්නන්න බැරි කෙනෙක්. ඔයාගේ කතාවේදී ඔයාට ලොකුම ලොකු අසාධාරණයක් උනා කියලා දැනුනු නිසා වෙන්න ඇති එයා උදව් කරන්න කැමති වුනේ"

"හ්ම්....Mr....Wen මම මොනාද කරන්න ඕනි?"

"මට ඔයාගේ සම්පූර්ණ කතාව කියන්න"

"මගේ කතාවේ ලොකු දෙයක් නැහැ. ඒත් මම ඔයාට පුළුවන් හැම දේම කියන්නම්...."

_________________________________________

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°













✯ ✯ ✯ ✯ ✯ ✯

𝑻𝒐 𝒃𝒆 𝒄𝒐𝒏𝒕𝒊𝒏𝒖𝒆𝒅........

No comments:

Post a Comment

බලාපොරොත්තුව

ආ රම්භය ඇදීයන සංගීත ස්වර තාල අතර..... ගලයාන ජිවිත ගීතයේ.... අමිහිරිම තනුවක් අතර ලතැවුනු.... මිහිරිම මතක අවදි කරමින්...... ඔවුන්ගේ ආදර ගී...