පපුතුරේ සැඟවිලා
විඳගන්න ඔය සුසුම්..
ඇසිල්ලක් දෙනවාද
එකම එක වතාවක්
විඳගන්න ඔය සුසුම්..
ඇසිල්ලක් දෙනවාද
එකම එක වතාවක්
නෙතු පතුලේ කිමිදිලා
අහුලන්න පෙම් හැඟුම්..
නුඹේ නෙතු එළිය ඇති
ඇත්තමයි රත්තරන්....
•
•
•
🇽 🇮 🇼 🇦 🇳 🇬 🖤💙
•
•
•
අතීතයට ගමන් කරමි - පළමු ගමන
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
Wei Wuxian's POV
(මෙය Wei Wuxian විසින් Wen Yubin ට පාදා දෙන කෝණයෙන් ලියා ඇත)
මගේ නම Wei Wuxian. මගේ උපන් නම Wei Ying. මම දන්නේ නැහැ මම මේ ලෝකෙට ඉබේ පහල උනාද නැත්තන් අම්මා කෙනෙක් ගේ කුසෙන් ආවාද කියලා. මොකද මට මතක ඇති කාලේ ඉඳන්ම මම හිටියේ පාරවල් අයිනේ...සමහර දවස් වලට හොඳ නෝනා කෙනෙක් හරි මහත්තයෙක් හරි අනුකම්පා කරලා කෑම ටිකක් දුන්නොත් මිසක් නැත්තන් මට සිද්ධ උනේ පාරේ බල්ලෝ එක්ක කෑම වලට ගහගන්න... විහිළුවක් වගේ නේද? නැහැ ඒක තමයි මගේ ජිවිතේ මට අවුරුදු 5 ඉඳන් මට මතක විදියට...සමහර විට කලිනුත් එහෙම වෙන්න ඇති.
මට අවුරුදු 10 දී මට මතකයි මාව රෑ නින්දෙන් ම කවුදෝ උස්සන් ගියා මම නිදියන් හිටපු කාඩ්බෝඩි එකෙන්. ඒත් මම ඇස් අරිනකොට...අහ්....මම කැමති නැහැ ඒක ගැන මතක් කරන්න ඒත් මාව එයාලා දූෂණය කරන්නයි බලන් හිටියේ...ඒත් මම එතනින් බේරුනේ කොහොමද කියලා මතක නැහැ මොකද මගේ සිහිය ආපහු හොඳ තත්වෙට එද්දී මගේ ඉස්සරහ පෝලිසියෙන් හිටගෙන හිටියා. එයාලා මාව අනාත නිවාසෙකට දැම්මා.
"ඉතින් Mr Wuxian ඔයාට සතුටු හිතුනේ නැද්ද අඩුම තරමේ දැන් ඔයාට ඉන්න තැනක්...කන්න කෑම වත් තියෙනවා කියලා?"
සතුටු වෙන්න?..... Mr Yubin ට වැරදිලා. මගේ අපායක් වගේ තිබ්බ ජිවිතේ නරකාදියක් උනේ එහේදී. එහේ ළමයි මට කැමති නැහැ. මම දන්නේ නැහැ ඇයි කියලා. සමහර විට මගේ ඇඟ පුරාම දුවන මේ unlucky කම වෙන්න ඇති. එයාලා මම බල්ලොන්ට බයයි කියලා දැනගත්තම මාව බලු කුඩූවට දාලා දවසක් හිර කරලා තිබ්බා. Security uncle තමයි මාව බේරගත්තේ. එයා විතරයි මට කරුණාවන්ත උන එකම කෙනා. ඒක විතරක් නෙමෙයි මට එයාලා ගොඩක් නපුරු වැඩ කරා. මොකද මම කතා කරන්නේ නැහැ කියලා. ඒ වගේම එයාලා වැරදි කරලා ඒවට මාව අල්ලලා මට අනාතේ නිවාසේ භාරකාර අය ලවා ගුටි ගැස්සුවා. මාව කළුවර කාමර වලට දාලා දවස් ගණන් බඩගින්නේ තිබ්බා. ඒත් මට බඩගින්න ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඒක මට හුරු දෙයක්. එතකොට මම හිතන්නේ මට වයස 12 විතර ඇති.
Wuxian මදකට කතාව නවතා ඔහුගේ කිළිටි සිරගෙදර ඇඳුමෙන් ඔහුගේ කඳුලු පිහදාන්නට වුනා. ඔහුගේ ගිළුණු ඇස් දෙක ඔසවන විට ඔහු දුටුවේ Yubin ද පිරිසිදු ලේන්සුවකින් කඳුළු පිසදාන බවයි. ඔහු මෘදුව Yubin දෙසට සිනාසුනා.
Mr Wei මට සමාවෙන්න මගේ කතාව නිසා ඔයා අවුල් උනා නම්...ඇත්තටම මම මගේ Lan Zh....නැහැ සමාවෙන්න Mr Lan Wangji ට විතරයි මං ගැන මීට කලින් කියලා තියෙන්නේ.
"එහෙම නැහැ Mr Wei හැමදේම කියන්න. මම ඔයාගේ lawyer විදියට මෙ හැමදේම දැනගන්න ඕනි. ඒ වගේම මට පුළුවන් යාලුවෙක් විදියට ඔයාගේ දුක බෙදාගන්න....මට විශ්වාස කරන්නත් බැහැ අවුරුදු 10 ක 12 ක ළමයෙක් මේ තරම් දේවල් තනියෙන් විඳගත්තා කියන එක ඇත්තටම.....මම ඔයාට කොහොමහරි උදව් කරනවා Mr Wei...."
Thank you!!! මට ඇහුම්කන් දෙන්න කෙනෙක් ලැබුණු එක ඇත්තටම සතුටුයි. ඉතින් මගේ කතාවට ගියොත් මම ඒ හැමදේම දරාගෙන කොහොම හරි මගේ ඉගෙනීම කරා. මුලදි මට ගොඩක් අමාරු වුනා. මොකද මම අවුරුදු 10 වෙනකන් කවදාවත් school ගිහින් නැහැ. ඒත් අමතර මහන්සියක් එක්ක මට පුළුවන් උනා ඉක්මනට අනික් අය වගේ වෙන්න. මට අවුරුදු 18 වෙද්දී මම මගේ high school එකේ හොඳම ශිෂ්‍යා විදියට university එකට යන්න scholarship එකක් දිනාගත්තා. මට ඕනි උනේ Computer Science And Graphic Design ගැන ඉගෙන ගන්න. ඒත් මම අමතර subject එකක් විදියට Art කරන්නත් තීරණය කරා. මම හිතන්නේ මගේ university ජිවිතේ ගොඩක් භයානක නැහැ. ඒත් මම අදින බාල ඇඳුම් නිසාත්, මගේ තිබුණු සල්ලි වියදම් කරන්න ලෝබ කම නිසාත්, මම අනික් අය එක්ක වැඩිය mingle වෙන්න අකමැති නිසාත් වෙන්න ඇති මට කිසිම යාලුවෙක් හිටියේ නැහැ. ඇත්තටම ඒකට එයාලාට දොස් කියන්න බැහැ. මොකද මම හිටියේ මගේම ලෝකෙක.
"ඉතින් Mr Wei...ඔයා ඔයාගේ අනික් වියදම් පියව ගත්තේ කොහොමද? මම කියන්නේ 18 වෙද්දී ඔයාලව අනාත නිවාසෙන් එලියට දානවා නේද?"
ඔව් ඇත්ත...
Wuxian වේදනාබරිත ලෙස සිනාසුනා. පෙනෙන විදියට ඔහුගේ හැකිළුණු කම්මුල් වලට සිනාසීමත් වේදනාවක් වගෙයි. Yubin නිහඬවම මේ සිහින් හැකිළුණු මුහුණ දෙස බලා කල්පනාවට වැටුණා. ඇත්තටම මේ සියල්ලම වෙන්නට ප්‍රථම මේ තමන් ඉදිරියේ සිටින තරුණයා අතිශය සුන්දර, කඩවසම් වගේම තරුණ, තරුණියන් වසඟ කිරීමට හැකි රූපයක් හිමි වී තිබෙන්නට ඇති බවට ඔහුට සහතිකයි. ඔහුගේ ප්‍රධානියා ඔහුට ලබා දුන් ඡායාරූපය මතක් වුන විට ඔහුට දැන්නම් එය හොඳටම සහතිකයි. ඒත් ඒ දිලිසෙන රිදී පැහැති නෙත් සඟල දැන් මලානික වී තිබෙන හැටි දුටු විට ඔහුට නිතී වේදියෙකුටත් වඩා Wuxian මිතුරෙකු වීමට සිත කෑ ගසන්නට වුනා. මොකද මේ තරුණ අසරණ ජිවිතේට නිතීවේදියෙකුට වඩා හොඳ ඇහුම්කන් දෙන්නෙකුයි දැන් අවශ්‍යය.
"Mr Wuxian...."
ඔයාට පුළුවන් මට Wuxian කියලා කතා කරන්න. ඒක මට පහසුවක්...
"එහෙනම් ඔයාටත් පුළුවන් මට Yubin කියලා කතා කරන්න. ඉතින් ඔයාගේ කතාව සම්පූර්ණ කරන් යන්න. මට තව පැයක් ඔයා එක්ක ඉන්න අවසර තියෙනවා."
ඔහ්.....හ්ම්ම් ඔයා කිවුවා වගේ මාව 18 එලියට දැම්මා තමයි. ඒ වගේම එයාලා ඒක හරි කැමැත්තෙන්ම කරන්න ඇති. ඊට පස්සේ මම part time job සෑහෙන්න කරා. මගේ ඇඟ ගොඩක් දුර්වල පාට නිසත්, මගේ පෙනුමේ තිබ්බ මූසල පාට නිසාත් මට ගොඩක් තැන් වලින් job එක දෙන්න අකමැති වුනා. ඒත් අන්තිමට මට කොහොමහරි පුළුවන් උනා part time job තුනක් හොයාගන්න. මම ඒවගෙන් තමා මගේ කෑම වගේම අනික් උවමනාවන් සපුරගත්තේ. ඒ වගේම මට scholarship එකෙන් අමතර ගානක් ලැබුනු නිසා මට ඒ සල්ලි සේරම ඕනෙවට වඩා වැඩි වුනා. ඉතින් මම ඒ සල්ලි ටික මගේ පොතේ එකතු කරා university එකෙන් එලියට ගියාම job එකක් හොයාගන්නකන් පාවිච්චියට. මම නැවතිලා හිටියේ hostal එකේ
"ඔයා university එකෙන් එලියට ආපු ගමන් ද Lan Cloud Cooperation එකට බැඳුනේ?"
නැහැ. මම එහෙට ගියේ අවුරුද්දක් studio එකක වැඩ කරලා අහම්බෙන්. ඇත්තටම මම එහෙට ගියේ සාමාන්‍ය පොඩි graphic designer කෙනෙක් විදියට. ඒත් Mr Qiren මගේ talent එක දැකලා මාව ඉක්මනට උසස් කරා. ඇත්තටම මට office එකේ හිටපු ලොකුම ශක්තිය Mr Qiren. දවසක් Mr Qiren මට office එකට එන්න කියලා පණිවිඩයක් දුන්නා. Office එකට මම යද්දී Mr Qiren office එකේ හිටියේ නැහැ. එතනදී තමයි ඉස්සෙල්ලම එයාව දැක්කේ.
_________________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
•
•
•
•
•
•
✯ ✯ ✯ ✯ ✯ ✯
𝑻𝒐 𝒃𝒆 𝒄𝒐𝒏𝒕𝒊𝒏𝒖𝒆𝒅........
No comments:
Post a Comment