අහිමි බව දැන දැනත්
මුලු හිතින් පෙම් කරමි
කොතෙක් රිදවුම් ඇතත්
හෙටත් නුඹවම පතමි
මුලු ලොවම නැති උනත්
නුඹට මා ළඟ හිඳිමි
කින්නම් මැණික මං
හැම සසරේ නුඹ පතමි...
කෙතෙක් හිත දුර ගියත්...
මේ භවයේ අහිමි මුත්
උපදිනා හැම භවයේ
සසර සැරි සසර තුරු
පතමි ඔය හදවතම
පමණක්............
දනිමි ඔය හිතත් මාවම...
පතන බව හැම මොහොතේම...
දනිමි ඔය හිතින් මට
සදා ආදරේ බව බොහෝ සේම.....
ඉතින් අවසරයි ඔය හදවතේ
සදා නැවතී සිටින්නට....
•
•
•
🇽 🇮 🇼 🇦 🇳 🇬 🖤💙
•
•
•
අතීතයට ගමන් කරමි - දෙවන ගමන
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
Wei Wuxian මදකට නැවතිලා හරිම ආදරණීය වගේම ලස්සන සිනාහවකින් වෙනම ලෝකයකට ගමන් කරන්න වුනා. Yubin ඉවෙන් වගේ දැනුනා එයා කියලා Wuxian අදහස් කලේ කාවද කියලා. ඇත්තටම ඒ ගිළුණු රිදී පැහැති ඇස් දෙක ඇතුලේ නලියන ආදරේ එක්ක Yubin ප්‍රාර්ථනා කරේ ඔහුටත් කවදාහරි මේ තරම් ආදරයක් හිමි වෙනවනම් කියලයි.
මගේ චූටී A-Zhan...ඔයාට විශ්වාස කරන්න පුලුවන්ද මම දන්නේ නැහැ Yubin මට දැණුනේ මගේ පපුව එතනම නැවතුනා කියලා. මම එයාගේ ඇස් දෙක දිහා කන්න වගේ බලන් ඉද්දී එයාට ලැජ්ජා හිතිලා ඉක්මනට මූණ හංඟ ගත්තා. එයාගේ චූටි කන්දෙකම රතු පාට වෙලා.
Wuxian මදකට ඔහුගේ ඒ සුන්දර අතීතයේ නවතින්නට වුනා. ඇත්තටම ඔහුට Lan Zhan ගැන ආත්ම ගානක් උනත් කතා කරන්නට පුළුවන්. ඒ තරම් ඔහු Lan Wangji ට ආදරේ කරා. ඇත්තටම Lan Wanji ත් එහෙමයි. ඔහු Wuxian ට ඔහුගේ මුළු ආත්මයෙන්ම පුදුමාකාර තරම් ආදරේ කරන්නට වුනා. ඒත් දෛවය ඔවුන්ව කුරිරු ලෙස ඈත් කරලා.
මට සමාවෙන්න මම ටිකක් අතීතේ අතර මං වුනා. මම කිවුවා වගේ එදා තමයි මම මගේ Lan Zhan ව ඉස්සෙල්ලම දැක්කේ. මම එයාට මාව අඳුන්වලා දුන්නා. ඒත් එයා මාත් එක්ක කතා කලේ නැහැ. Mr Qiren එතනට ආවේ එතකොටයි. එයා ආපූ නිසා මට Lan Zhan දිහා බලන්න බැරි වුනා. ඒත් මම හොරෙන් හොරෙන් එහා දිහා බලනකොට එයාට ඒක දැනිලද කොහෙද Lan Zhan මුහුණේ කිසිම හැඟීමක් නැතිව අනික් පැත්ත බලන් හිටියත් එයාගේ බෙල්ලේ ඉඳන් රතු වෙනකොට මම දැනගත්තා මගේ බැල්ම එයාට බලපෑම් කරනවා කියලා.
"ඉතින් Mr Wangji ඔයා එක්ක කතා කලේ නැද්ද?"
නැහැ. Mr Qiren තමයි අපි දෙන්නට දෙන්නා හඳුන්වලා දුන්නේ. ඒත් Mr Qiren මට එයාගේ පොදු නමින් එයාව අඳුන්වලා දෙනකොට එය පැනපු ගමන් මට එයාගේ birth name එක කිවුවා. ආව්ශ්....too cute මගේ baby...ඒත් ඇත්තටම එයා ගොඩක් bold. එයා එයාගේ uncle ඉද්දි මාත් එක්ක කතා නොකරට එයා හොරෙන්ම මට දීපූ file එක ඇතුලට එයාගේ number එක දාලා දුන්නා. දඟමල්ල මගේ....අනේ මන්දා එයාට භය හිතුනේ නැද්ද කියලා මම ඒක නොදැක්කොත් එයාගේ uncle දකිවී කියලා. ඔයා දන්නවද එයා එකේ number එකත් එක්ක ලියලා තිබ්බ දේ?
"මොකක්ද?"
'ඔයාට යාලුවෙක් ඕනි උනොත් කතා කරන්න...මට කෝල් එකක් දෙන්න...'
"So bold"
Yubin දෑස් ලොකු කරගෙන Wuxian දෙස බැලුවා. ඇත්තටම ඔහු අසා තිබෙනවා Lan පවුලේ දෙවැනි දරුවා හරිම සීතල ගති ඇති හරිම නිහඬ ගති ඇති අයෙක් බව. එහෙම අයෙක් මේ වගේ දෙයක් ලියලා තියෙනවා කිවුවම Yubin පුදුම වුන එක සාධාරණයි. ඒත් Wuxian ගේ සිනහව පිරි මුහුණ දුටු ඔහුට තවත් එය ප්‍රශ්න කරන්නට උවමනා උනේ නැහැ. මොකද දැන් මේ Yubin ඉදිරියේ සිටින පුද්ගලයා එහෙම් පිටින්ම ඒ සීතල තරුණ Lan Wangji ව දිය කර හැරි ඔහුගේ ස්වාමිපුරුෂයයි.
Yubin? ඔයා හොඳින්ද?
"ඔහ් sorry Wuxian මම කල්පනා කරේ ඔයා කොහොමද ඒ සීතල ice ගොඩ දිය කලේ කියලා?"
Wuxian සිනාසෙන්නට වුනා.
මටත් හිතාගන්න බැහැ. ඒත් එදා එලියට ඇවිත් ගෙදරට ආපූ වෙලේ ඉඳන් මගේ අත නළියන්න ගත්තා මගේ චූටී තක්කාලි ගෙඩියට message එකක් දාන්න. අන්තිමට මම සීයක් විතර message කොටලා ගොඩක් අමාරුවෙන් අන්තිමට එයාට 'hey' කියලා එයාට යැව්වා. මෙන්න අනිත් පැත්තට එයා මට 'hi' කියලා ඒව්වා. එදා ඉඳන් අපි ඉඩ ලැබෙන හැම වෙලේම වගේ message කරා. ඊට සතියකට පස්සේ දෙවැනි වාතවට අපි දෙන්නා coffee shop එකක හම්බුනා. මායි Lan Zhan නුයි දන්නෙම නැතිව ඈත් වෙන්න බැරි තරම් ළං වෙන්න ගත්තේ මාසය්ක් යන්නත් කලින්. අන්තිමට එතනින් හරියටම මාස තුනකට පස්සේ මම එයාට ආදරෙයි කියලා කිවුවා.
ඇත්තටම මම එදා ගොඩක් බය වෙලා හිටියේ. අපි දෙන්නා ලොකු වැස්සකට අහු වෙලා බස් හෝල්ට් එකේ ඉඳගෙන සීතලේ වෙව්ල වෙව්ල ඉද්දී මට එක සැරේටම මගේ Lan Zhan ව Angel කෙනෙක් වගේ පෙන්න ගත්තා. නැහැ මම කියන්නේ Lan Zhan කොහොමත් Angek කෙනෙක් වගේ. එයාගේ රත්තරන් පාට ලස්සන දිලිසෙන ඇස් දෙක...සිනිඳු රෝස පාට chubby කම්මුල් දෙක....cute button nose එක...හුළඟට හැම පැත්තටම අවුල් වෙන එයාගේ කළු පාට සිනිඳු කොණ්ඩේ.... porcelain වගේ හමේ දිලිසෙන පාට....ඒ හැමදේටම වඩා එයාගේ ළඟින් සඳුන් සුවඳ මාව පිස්සු වැට්ටුවා. Bus halt එකේ ලාම්පු එලිය වැටිලා එයාව දිලිසෙනවා. සීතල නිසා එයා තව තව මට තුරුළු වෙනකොට මට ඒක තවත් ඉවසන්න බැරි වුනා මට හිතුනේ මගේ හදවත පුපුරයි කියලා. අන්තිමට එයාගේ තොල් දෙක මගේ තොල් දෙක ළඟටම එනකොට අපි දෙන්නම දෙන්නාගේ ඇස් දෙක අස්සේ අතරමං වුනා. ඩාන්....එක සැරේටම Lan Zhan මගේ ඔඩොක්කුවේ, එයාගේ soft තොල් දෙක මම kiss කරනවා....ඒක තමයි මගේ ජිවිතේ සුන්දරම රෑ....මගේ Lan Zhan ව මට ලැබුණු දවස....
Wuxian කතාව නවතා Yubin දෙස බැලුවා. Yubin සිහින ඇස් දෙකකින් ඔහු දෙස බලා සිටින බව දැක Wuxian සිහින් සිනහවක් නිකුත් කලා. ඒත් ඒ සිනාහඬ සමග Yubin ලැජ්ජාවෙන් වගේ ඉක්මනින් පුටුවේ හරි බරි ගැහී වාඩි වුනා.
"ඔහ් සමාවෙන්න Wuxian මම ඔයාගේ කතාවට වශී වෙලා හිටියේ....ඇත්තටම ඒක හරි ලස්සනයි"
හ්ම්...ඔව් ලස්සනයි.....ඒත් ටික කාලයයි. පලවෙනි අවුරුද්දම අපිට ඒක රැක ගන්න පුලුවන් වුනා. වෙන් කරන බැරි තරම් අපි දෙන්නට දෙන්නා ආදරේ කරා. ඒ කාලේ ගොඩක් ලස්සනයි, විනෝදයි, මගේ Lan Zhan තමයිමගේ මුළු ලෝකෙම...ඒත් ඒ සේරම අවුල් වුනේ Lan Zhan ගේ family එක arrange marriage එකක් ලෑස්ති කරාම. එයා එදා අඬාගෙන මං ළඟට ආවා. එයා මට එයාව අරන් කොහේ හරි ඈතකට යන්න කියලා පුන පුනාම ඇඬුවා. ඒ හැම එකටම වඩා ඒ වෙනකොට මම එයාට propose කරලා තිබ්බ නිසා මට එයාව marry කරන්න කියලත් ඉල්ලා ඇඬුවා. මම ඉතින් මොනවා කරන්නද? මම හැමදාමත් Lan Zhan ගේ කඳුළු ඉස්සරහ අසරණයි. අනික මම එයාට ගොඩක් ආදරෙයි වගේම මම දැනන් හිටියා මගේ Lan Zhan ට මම නැතුව ඉන්න බැරි නිසයි එයා මේ වගේ දෙයක් ඉල්ලන්නේ කියලා. අන්තිමට මම එයාවත් අරන් මගේ හොඳම යාලුවා දෙන්නා එක්ක ගිහින් අපේ marriage එක register කරා. ඊට පස්සේ අපි දෙන්නා මගේ apartment එකේ ජීවත් වෙන්න ගත්තා. ඇත්තටම Lan Zhan ගෙදර ඉඳන් කරන job එකක් කරන නිසා එයාට වැඩිය එලියට යන්න ඕනි උනේ නැහැ.
"ඉතින් ඔයාලට තිබ්බනේ එහෙන් වෙන රටකට යන්න?"
බැහැ Yubin. මම Lan ලා එක්ක අත්සන් කරපු ගිවිසුමේ විදියට මට තව අවුරුදු 3 ක් යනකන් එහෙන් අස් වෙන්න බැහැ. එහෙම ඕනි නම් ලොකු වන්දියක් ගෙවන්න වෙනවා. ඒ නිසා මම දිගටම එහේ වැඩ කරා. ඇත්තටම අපි පුදුම සතුටකින් අවුරුද්දක් ජීවත් වුනා. ඒත් ඒත් මීට මාසයකට කලින් අර Lan Zhan ව බඳින්න මෙහෙට ආපූ කෑදර මිනිහා මගේ Lan Zhan ව හොයාගන්නකන්....ඊට පස්සේ...එයාලා මගෙ Lan Zhan ව බලෙන්ම මගෙන් අරන් ගියා. මම ඒක ගැන හිතද්දිම මාව ලොකු හොරකමට අල්ලගෙන....ඒ අස්සෙම මට Divorce එකට sighn කරන්න කියලා එහෙන් බල කරා. මේ හැමදේම මාව පිස්සු වට්ටලා Yubin...මට පලවෙනි සැරේ arrest කරන්න කලින් අන්තිම වතාවට මගේ Lan Zhan ව හම්බුනු වෙලේ එයා ගොඩක් ඇඬුවා එයාට divorce වෙන්න බැහැ ඒත් එහෙම නොවුනොත් එයාලා මාව මරනවා කියලා. මට මගේ Lan Zhan ගේ වේඳනාව දරාගන්න බැරි නිසා මම divorce එක දුන්නා. ඒත් ඒත් එයාලා Lan Zhan ගෙන් නඩු අහන්නේ නැතුව කොහොම මම එයාට කරදර කරා කියලා ඔප්පු කරාද මම දන්නේ නැහැ.
Wuxian ගේ දෑස් වලින් නොනවත්වා කඳුළු ගලා එන්නට වුනා.
ඒත් Yubin මම කවදාවත් මේ කිසිම දෙයක් කරලා නැහැ. මම කරපුඑකම දේ මගේ Lan Zhan ට, මගේ ලෝකේ එකම සතුටට ආදරේ කරපු එක විතරයි. මම වෙන කිසිම දෙයක් කලේ නැහැ. මම මේ ඇත්තමයි කියන්නේ...මට ඒ තරම් ලොකු දේවල් කරන්න ශක්තියක් නැහැ......මට ඕනි එකම දේ මගේ Lan Zhan එක්ක සතුටින් මැරෙනකන් සරලව ජීවත් වෙන්න විතරයි....
Yubin ඉක්මනින් මේසය මත ඇති මාංචු දැමූ ඇකිළුණු අතකට තට්ටු කරන්නට වුනා. ඔහුට දැන් ඉතාම පැහැදිලි මේ සියල්ලම. ඒ වගේම ඔහු හොයාගත් දේවල් සියල්ල මේ තරුණයා කියන හැමදේටම සමානයි. එසේනම් දැන් ඉතුරු වී තිබෙන්නේ මේ තරුණ ජිවිතය රැක ගන්නයි.
"Wuxian පොඩ්ඩක් වත් බය වෙන්න එපා. මම දන්නවා ඔයා කියන්නේ ඇත්ත කියලා. බය නැතුව ඉන්න හැම දේම හරි යයි....ඔයාට Lan Wangji ට කියන්න දෙයක් තියෙනවද? මොකඩ්ජ මම එයාව හම්බෙන්න ඉන්නේ?"
ඔය ඇත්තමද? ඔයාට ගොඩක් ස්තූතියි Yubin. මට දැන් සහනයක් දැනෙනවා. පුළුවන්නම් මගේ Lan Zhan ට කියන්න මම එයාට ගොඩක් ආදරෙයි කියලා...එච්ව්රයි....මට තව ශක්තියක් නැහැ....
Yubin සිනහවක් සමග හිස වනා එතනින් නැගිට්ටා. ඔහු Wuxian ගෙ උරහිසට තට්ටු කර එතනින් යන විට පොලිස් නිළධාරි දෙදෙනෙක් Wuxian ව නැවත ඔහු සිටින කූඩූව වෙතට රැගෙන ගියා.
_________________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
•
•
•
•
•
•
✯ ✯ ✯ ✯ ✯ ✯
𝑻𝒐 𝒃𝒆 𝒄𝒐𝒏𝒕𝒊𝒏𝒖𝒆𝒅........
No comments:
Post a Comment