කියන්නට හැකි උවදනො
කියාම ඉන්නම් මම
වදනින් නොකීවත් නුඹට
දෑසේම ලියව ඇත පෙම
සගවන්නට බැරි විලෙස
කදුළක් දෙන්නට බැහැ නුඹට
අපේ අවසනට බයයි මම
දැනෙන්නට නුඹට ,
වචනෙන් කිවිය යුතුම ද ප්‍රේමය !
වදනින් නොකීවත් නුඹට
දෑසේම ලියව ඇත පෙම
සගවන්නට බැරි විලෙස
කදුළක් දෙන්නට බැහැ නුඹට
අපේ අවසනට බයයි මම
දැනෙන්නට නුඹට ,
වචනෙන් කිවිය යුතුම ද ප්‍රේමය !
උපුටා ගැනීමකි.....
•
•
•
𝓐 𝓢𝓽𝓸𝓻𝔂 𝓞𝓯 ʰᵉᵃʳᵗˢ ❤
•
•
•
නැවත ඔබ දකිමි.....
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
ට්‍රිං.....ට්‍රිං.....
නොනවත්වා නද දෙන දුරකථනයට ඔහු වැරෙන් පහරක් ගසා නැවත ඔලුවේ සිට පොරවනය පොරවාගෙන නිදා ගන්නට පටන් ගත්තා.
ට්‍රිං......ට්‍රිං.....
එය නැවත පෙරටත් වඩා ශබ්දයෙන් නද දෙන්නට උනා. කොට්ටය බදාගෙන සැප නින්දක සිටි තරුණයා කොට්ටය ගෙන කන් දෙක තද කරගෙන නැවත නිදා ගන්නට උත්සහා කරා. ඒත් මේ කෝල් කරන කෙනාට නම් ඉවසුමක් නැහැ වගේ. ඔහු නොනවත්වා ඇමතුම් දෙමින් නිදා සිටින තරුණයා දුරකථනය ගන්නා තුරුම වද දෙන්නට සූදානම් වී සිටින හැඩයි.
"අහ්....මොන වධකාරයෙක් ද මේ නිවාඩු දවසෙත් වධ දෙන්නේ?"
ඇස් දෙකම බාගෙට වසාගෙන ඔහු ගොරවන්නට වුනා. එත් ඒ දුරකථනයට නම් එයා ගානක් වත් නැහැ. එය ඔහේ නද දෙන්නට උනා. අවසානයේ තමන්ගේ නින්ද පසෙකින් තබා ඒ තරුණයා දුරකථනයට අමතන්නට තීරණය කරා.
"ඔය කතා කරන එකාට හොඳ හේතුවක් තිබ්බොත් හොඳයි. මේ වටිනා කියන නිවාඩු දවසේ මගේ ලස්සන සුන්දර නින්ද කඩන්න තරම්....කවුද මේ?" ඔහු කේන්තියෙන්ම නමවත් බලන්නේ නැතිව ඇමතුමට කෑ ගසන්නට වුනා.
"ඕයි.....Wang Yibo නැගිටිනවා ඌරෝ....ඔහේ දන්නවද මම ඔයාට මේ පණ දාගෙන කෝල් කරන්නේ ඇයි කියලා. නැගිටිනවා.....නැගිටලා කන් දෙක ඇරලා අහගන්නවා. Xiao Zhan ආපහු Beijin එනවලු" අනෙක් පසින් සිටින පුද්ගලයා කෑ ගසන්නට වුනා. ඒත් Yibo සිටියේ බාගෙට නිදිමතෙයි. ඔහු අඩවන් ඇස් සහා බාගෙට නින්දේ ඒ කියූ කතාව අසා සිටින්නට උනා.
"අහ්....මට කමක් නැහැ කවුරු ආවාත්....මම නිදා ගන්නවා...මොන මගුලක්ද ඉඳලා ඉඳලා නිවාඩුවක් ලැබුනම නිදා ගන්නත් නැහැ" ඔහු නින්දෙන්ම කියවමින් ආයේම නින්දට වැටෙන්නට වුනා. එහෙත් මදකින් අනෙක් පසින් ඇසුනු දෙය අවබොධ වීමත් සමග ඔහු කෑ ගසන්නට වුනා.
"මොකක්ද ඔයා කිවුවේ? Zhanzhan Beijing එනවා. Haoxuan ඔයාගේ මෝඩ විහිළු මාත් එක්ක කරන්න එන්න එපා. ඇත්ත කියන්න? Zhanzhan ඇත්තටම එනවද?"
"ඔව් මෝඩයෝ මෙච්චර වෙලා ඔහේට මම කිවුවේ ඒක තමයි. නැගිටිනවා. එයා ඔයාගේ apartment එකටයි move වෙන්නේ."
Yibo ට ඕනි උනේ යටි ගිරියෙන් කෑ ගහන්නයි. ආයෙමත් ඔහුගේ හොඳම යාලුවා එනවා. අවුරුදු හතරකට පස්සේ ඒ adorable, cute, bunny ව තමන්ට දකින්න ලැබෙනවා. ඔහු දුරකථනය පවා විසික් කර දමා ඉක්මනින් ඇඳෙන් පැන එය වැටුනාද කැඩුනාද කියාවත් වද නොවී ඔහු ගේ ඇඳුම් සියල්ලම හොයන්නට පටන් ගත්තා.
මොකද ඔහු නිදාගෙන සිටියේ පුංචි කොට කලිසමක් ඇඳගෙනයි. ඒත් ඔහුගේ පුංචි මිත්‍රයා ආපහු එනවනම් Yibo ට ගොඩක් දේවල් තිබුනා හරි ගස්සන්න.
ඔහු තමන් ගේ ඇඳුම් සියල්ල ඉක්මනින් ඇඳගෙන නාන කාමරයට දුවන්නට හැදුවත් විශාල ඇඳ අයිනේ ඇති කුඩා කබඩය උඩ ඇති පින්තූරය අතට ගත්තා. එහි තිබුනේ මීට වසර 4 කට පෙර ඔහු සහා ඔහුගේ ආදරණීය පුංචි මිතුරා ගත් රූපයකුයි.
"ඔයාගේ cute මූණ ආයෙම දකින්න ලැබෙනවා මට" ඔහු පින්තූරය මෘදු සිනහවක් සමග පිරි මදින්නට වුනා. Yibo ඒ සමගම ආයෙම ඔරලෝසුව දෙස බලා ඔහුට කාලේ මදි බව දැනී නාන කාමරය වෙතට පැන දුවන්නට උනා.
Wang Yibo සහා Xiao Zhan යනු එකම උසස් විද්‍යාලයක සිට විශ්ව විද්‍යාලය දක්වා එකටම ඉගෙනුම ලබමින් සිටි දෙදෙනෙකුයි. ඔවුන් දෙදෙනාට දෙදෙනා කොයි තරම් ඇලී සිටියාද කිවුවොත් සමහරු ඔවුන් couple එකක් ලෙසයි සිතුවේ.
Zhan ස්වාභාවයෙන්ම හුරුබුහුටි හුරතල් ඉතාම සුන්දර ඒ වගේම කරුණාවන්ත තරුණයෙක්. ඒ නිසා ඔහුට සෑහෙන්න කරුණියන්ගෙන් හා තරුණයන්ගෙන් යෝජනා පැමිණියා. Yibo ද අතිශය කඩවසම් එහෙත් සීතල හැඟීම් වැඩිය පෙන්වන්නේ නැති තරුණයෙක් එහෙත් එහෙමයි කියලා ඔහුට පැමිණෙන යෝජනා ප්‍රමාණයේ නම් අඩුවක් තිබුනේ නැහැ. ඔහුගේ සීතල බව නිසාම ඔහුට තිබූ ඉල්ලුමද ඉතා ඉහලයි. ඔවුන් තමයි විශ්ව විද්‍යාලයේ ජනප්‍රියම තරුණයක් දෙදෙනා. ඉතින් මේ නිසා ඔවුන් දෙදෙනාට දෙදෙනා ඔවුන් ගැන විශාල ලෙස possessive උනා.
ඒත් හදියේම ඇමරිකාවේ සිටින Zhan ගේ පියාට අසනීප වුනු නිසා මීට අවුරුදු 4 කට පෙර Zhan ඇමරිකාවට ගොස් එහි ව්‍යාපාර කටුයුතු බාර ගත්තා. ඒත් එයින් පසුව වසර හතරකට පසුව ඔහු මේ Beijin කරා නැවත පැමිණීම ඔහුගේ හොඳම යාලුවා උනු Yibo ව පිස්සු වැට්ටුවා. මොකද Yibo ට රහසක් තිබුණා. ඔහුගේ හොඳම මිතුරාටවත් ඔහු නොකී දෙයක්. ඔහුගේ හදවතේ පමණක්ම තිබ්‍ර්න දෙයක්.
ඒ තමයි.....Yibo ට විශ්ව විද්‍යාලයට ඇතුළු උනු දවසේ ඉඳන් Zhan, ගැන ලොකුම ලොකු crush එකක් තියෙන එක. ඒත් එයා ඒක Zhan ට කියන්න බයයි එයාගේ හොඳම යාලුවා එයාව අත ඇරලා යයි කියලා.
ඒත් Yibo හැම වෙලේම Zhan ව කිසිම කෙනෙක් එක්ක බෙදා ගන්නේ නැතිව ඉන්න තරම් පරිස්සම් උනා. ඔහුට පමණක් Zhan තබා ගැනීමට වගේ පුංචි ආත්මාර්ථකාමී දේවල් ටිකක් කරන්න ඔහු නිකන්ම පෙළඹුනා.
ඉතින් වර්තමානෙට ආවොත් Wang Yibo ඉක්මනට නලා පිරිසිදු වෙලා ආවේ ලොකු වැඩකට අත ගහන්නයි.
ඔව් කොළයක් අරන් ඔහුට තමන්ගේ පුංචි මිත්‍රයා එන්න කලින් කරන්න තියෙන වැඩ ටික ලියන්න ගත්තා.
"අහ්...අද මම ඔයාට පෙන්නන්නකෝ ඔයා නැති කාලෙට මම කොච්චර ශක්තිමත් උනාද කියලා"
ඔහු ලියන්නට පටන් ගත්තා.
1. කාමරේ අස් කරන්න
2. ඇඳුම් ටික හෝදන්න.
3. ඇඳ රෙදි මාරු කරන්න.
4. මකුළු දැල් කඩන්න.
5. ජනෙල් දොරවල් පිහදාන්න.
6. ඇඳුම් කබඩ් එක අස් කරන්න.
7. සාලේ දූවිලි සේරම ගසන්න.
8. සාලේ hoover කරන්න.
9.Kitchen එක අස් කරන්න.
10. Shopping යන්න
11. රෑ කෑම හදන්න.
12.........
"තව...." Yibo පෑනේ කොන දෙතොල් අතර රඳවගෙන කල්පනා කරන්නට වුනා. ඒත් ඔහුට කිසිම අදහසක් නැහැ.
"අනික් ඒවා අහුවෙන විදිහට කරනවා. මම ගෙදර අස් කරන සේරම වැඩ ටික කරලා. රෑ කෑම හදන්න Shopping යනවා. හරි.....Wang Yibo එහෙනම් අපි වැඩ පටන් ගමු" ඒත් ඔහු බිම වැටී තිබුනු තමන් ගේ දුරකථනය ගෙන එහි lock screen එක දෙස බැලුවා. එහි තිබුනේ Zhan සහා ඔහු එකට ඉඳ ගත් ඡායාරූපයක්. Yibo මෘදු සිනහවක් සමග එය මුවට ළං කර සිපගත්තා.
"I miss you soo much bunny. මට ඔයාව දකින කන් පිස්සු වගේ..."
_________________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
•
•
•
•
•
•
✯ ✯ ✯ ✯ ✯ ✯
𝑻𝒐 𝒃𝒆 𝒄𝒐𝒏𝒕𝒊𝒏𝒖𝒆𝒅........
No comments:
Post a Comment