මටත් තිබුණා ප්‍රේමයක්
අතින්වත් නොඇල්ලු.....
හිත අස්සේ හිර කරන්
කාටවත් නොපෙන්නු...
ඇස් වලින් කඳුළු කැට
එක දිගට වට්ටපු....
ආදරේ දියකරන්
හිත අස්සේ උනාපු.....
කියාගත නොහැකි වී
තනි හිතට අඩාපු....
ඒකීය ප්‍රේමයයි
අමාවකට පායපු....
අහිමි තැන්වලට ඇයි
කෑදරම මිනිස්සු .....
පිළිතුරක් නැතුව මා
අදත් සිත අඩාපු......
අතින්වත් නොඇල්ලු.....
හිත අස්සේ හිර කරන්
කාටවත් නොපෙන්නු...
ඇස් වලින් කඳුළු කැට
එක දිගට වට්ටපු....
ආදරේ දියකරන්
හිත අස්සේ උනාපු.....
කියාගත නොහැකි වී
තනි හිතට අඩාපු....
ඒකීය ප්‍රේමයයි
අමාවකට පායපු....
අහිමි තැන්වලට ඇයි
කෑදරම මිනිස්සු .....
පිළිතුරක් නැතුව මා
අදත් සිත අඩාපු......
•
•
•
𝓐 𝓢𝓽𝓸𝓻𝔂 𝓞𝓯 ʰᵉᵃʳᵗˢ ❤
•
•
•
ඔබ කොහේද....
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
අවට පරිසරයේ හැම පැත්තෙන්ම සීතල හිම කැටි වැටෙන්නට වුනා. දහවල් වී තිබුණත් අවට පරිසරය ගෙනාවේ හිමිදිරි උදෑසනක වගේ ස්වාභාවයක්. අත්‍යවශ්‍ය වැඩකට පමණක් නිවසෙන් එලියට බට පිරිසක් පමණක් පාරේ එහා මෙහා යන්නට වුනා.
අනෙක් අය මේ සීතල හිම වැටෙන කාලෙට කරන්නේ මොකක්ද? හීටරේ on කරන් හොඳට පෝරෝගෙන නිදාගන්න එක. ඒත් Wang Yibo නම් හිටියේ සෑහෙන්න කාර්යය බහුලවයි. ඔහුට කරන්න වැඩ කෝටියක් තිබුනා.
මුළු නිදන කාමරේම අස් කල පසු එහි ඇඳ රෙදි, තිර රෙදි ආදිය සේරම මාරු කිරීමෙන් පසු Yibo සුසුමක් පිට කරා.
"මම හිතුවට වඩා මේ වැඩේ අමාරුයිනේ...පුහූ.....ඒත් මේ සේරම මගේ Zhanzhan වෙනුවෙන් නේ....Come on Yibo don't be lazy...."
ඔහු නැවත කාමරයේ වැඩ අවසන් කර සාලයට ගියා. ඔහුගේ කොඳු ඇට පේළිය හිරි වැටෙන තුරු ඔහු නිවස අස් කරන්නට වුනා. අතු ගාමින්, Hoover කරමින්, නිවසේ තිර රෙදි අලුත් කරමින්, සමහර කැඩුණු බිඳුනු දේවල් විසි කරන්නට වුනා. පුටු යට වැටී තිබුනු සමහර අවුරුද්දක් පමණ පරණ බිස්කට් කොළ පවා Yibo හමු වුනු විට තමන් ගැනම අප්‍රසන්න කරමින් ඔහු ඒවා විසික් කරන්නට වුනා.
"ඔයා එහෙම මෙහෙම එකක් දැක්ක නම් මගේ කන් දෙකෙන් ම අල්ලලා මට පැය ගානකට lecture එකක් දෙයි"
ඔහු පරණ මතකයන් මතක් කරමින මදකට හීන ලෝකෙකට යමින් සිනාසෙන්නට උනා. Zhan හරිම පිරිසිදු අයෙක්. ඒත් Yibo නිවස අස් කරන්නේ මාසෙකට එක දවසයි. මේ නිසා Zhan මෙහෙට පැමිණෙන හැම දවසකම හැම තැනම ඇති කෑම කොල ඇඳපු ඇඳුම් සේරම ඇහිදිමින් හැමදාම Yibo ගේ කන් දෙක පිරෙන කන් ඔහුට බැන වැදී තිබෙනවා.
ඒත් Yibo ට නම් එය විනෝද ජනකයි. Zhan ගේ හුරතල් කටහඬෙන් බැනුම් ඇසීමට ලැබීම ඔහුට විශාල සතුටක් ගෙනාවා. ඒ නිසාම ඔහු ගොඩක් වෙලාවට Zhan එන බව පැවසූ විට හිතා මතාම ගේ හැම තැනම හැඩි කරේ ඔහුගේ පුංචි මිත්‍රයාගෙන් බැනුම් ඇසීම ඔහුගේ සතුටක් ගෙනා නිසයි. මොකද Zhan ගෙන් බැනුම් අසන එක පවා Yibo ගේ හිතේ ඔහු ගැන තව තවත් ආදරය පිරෙව්වා. Zhan කිසිවෙක් ට වත් නොපෙන්වන හැඟීම් තමන් ට විතරක් පෙන්වන එකට Yibo පුදුම තරම් ආදරය කරා.
ඉතින් අවසානයේ නිවසේ සියළු කටුයුතු අවසන් කර Yibo සොෆාව මතට ඇද වැටුනා. ඒත් ඔහුට තවමත් එලෙස සැනසෙන්නට වෙලාවක් නැහැ. මොකද ඔහුට රාත්‍රී කෑම සැදීම සඳහා බඩු ගැනීමට අවශ්‍යයි. ඉස්සර නම් Yibo ට කෑම හැදුවේ Zhan. ඒත් Zhan මෙහෙන් ගියා යින් පස්සේ Yibo ට ඒ කෑම තරම් කිසිම දෙයක් රස උනේ නැහැ. ඒ නිසා තනියෙම කෑම හදන්න පුරුදු වෙන්න Yibo ට සිද්ධ වුනා.
ඉතින් ඔහු ඉක්මනින් නැවත නා පිරිසිදු වී තමන්ගේ පසුම්බියද රැගෙන නිවසෙන් පිටතට පැමිණියා. ඔහුට වෙළඳ පොලට යාමට ටිකක් දුර වැඩි නිසා ඇවිද ගියොත් ඔහුගේ කාලය නාස්ති වන නිසා Yibo සිතුවේ taxi එකක් අල්ලාගෙන යන්නයි. මොකද ඔහුට ආහාර මිළඳී ගැනීමත් රාත්‍රී කෑම සෑදීමත් යන සියළු දේවල් සඳහා ඔහු ට තිබුනේ තව පැය කිහිපයක් පමණයි.
ඔහු උනත් උදේ ඉඳන් කිසිම දෙයක් ආහාරයට ගෙන තිබුනේ නැහැ. ඒ නිසා ඔහු taxi එකක් අල්ලා ගැනීමට යාමට පෙර නිවසේ අනෙක් පස ඇති කුඩා අවන්හලෙන් hot chocolate එකක් සහ කෙටි ආහාරයක් ගෙන එය අවසන් උනු පසු Taxi එකක් අල්ලා ගත්තා.
"Beijing City Super market එකට යමු"
taxi රියදුරු හිස වනා එයට එකඟ වුනු පසු Yibo එයට නැග ගත්තා. ඔවුන් මාවතේ යන විට Yibo තමන්ගේ දුරකථනයේ gallery එක open කර එහි ඇති photos එකින් එක බලන්නට පටන් ගත්තා. ඔහුගේ මුව පුරාම ඔහු වත් නොදැනුවත්ව විශාල සිනහවක් ඇඳී ගියා.
ඔයාලම හිතන්න Yibo ඒ තරම් ඒ gallery එක දිහා බල බල හිනා වෙන්න ගත්තේ ඇයි? හිතුවා හරි. ඒක පිරෙන්නම තිබුනේ Xiao Zhan ගේ පින්තූරයි. ඇත්තටම ඒ මුළු gallery එකම ආක්‍රමණය කර තිබුනේ Zhan ගේ cute, handsome, adorable photos සෑහෙන්න ප්‍රමාණයක්.
Yibo කොයි තරම් එයට ඇලී සිටියාද කිවහොත් ඔහු ඉවත බලන විට දුටුවේ ඔහු ජිවීතයට දැක නැති පලාතකට රථය ඇදී යන බවයි.
"අපි මේ කොහෙද යන්නේ? මෙහෙන් කොහොමටත් super market එකට යන්න බැහැ"
එහෙත් රියදුරු මොකවත් පැවසුවේ නැහැ.
"මම අහන දේට උත්තර දෙනවා. කොහෙද මේ යන්නේ?"
"කට වහගත්තොත් හොඳයි මම කරන්නේ මට අණ ලැබුනු දේ"
රියදුරු එක සැරේටම පැවසූ විට Yibo ඉදිරියට පැන රථය හරවන්නට උත්සහා කරා. ඔවුන් දෙදෙනාගේ පොර බැදීම නිසා රථයේ සමබරතාවය ගිලිහෙන්න පවා පටන් ගත්තා. නමිත් Yibo රියදුරුට බාධා කරේ පිටුපසින් නිසා රියදුරු තවමත් රථයේ බලය හිමි වී තිබුනා. ඒත් එක සැරේටම Yibo ගේ ගෙලට වැදුනු ප්‍රහායක් සමග ඔහුගේ දෑස් බොඳ වී රථයේ පිටුසට ඇද වැටුනා.
🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹
"විශ්වාසද එයා හොඳින් කියලා?"
"ඔව් සර් මම සිහි නැති වෙන්න පොඩි පාරක් විතරයි ගැහුවේ"
"ඒ උනාට ඔයා ලොකු පාරක් ගහලා වගෙයි මට පේන්නේ"
Yibo ගේ සිහිය සෙමින් සෙමින් එන විට ඔහුට ඈතින් වගේ ඒ හඬවල් ඇසෙන්නට වුනා. ඒ උනත් ඔහු තමන්ගේ දෑස් අරින්නට උත්සහ කලත් ඔහුගේ දෑස් ගැට ගසා තිබුනු නිසා ඔහුට ඇස් දෙක අරින්න බැහැ. එහෙත් තමන්ට කතා කරන්න පුළුවන් බව ඔහුට අවබෝධ වුනා.
"හෙලෝ....කවුරු හරි ඉන්නවද? ඔයාලා කවුද? මොකටද මාව ගෙනාවේ? කවුද ඔහේලා?"
"අපි කවුද කියන එක ඔයාට වැඩක් නැහැ. තමුන් ව මෙහෙට ගෙනාවේ වැදගත් වැඩකට"
එක සැරේටම ඇසුනු ගැඹුරු කටහඬ සමග Yibo තිගැස්සුනා. ඒත් ඔහු කෙල පිඬක් ගිල දමා නැවත කතා කරන්නට වුනා.
"මොකක්ද වැදගත් වැඩේ?? කරුණාකරලා මට යන්න දෙන්න. ඔයාලා කවුරු උනත් කමක් නැහැ. මට ගොඩක් වැදගත් දේවල් කරන්න තියෙනවා. මේ විහිළුව නවත්තලා මට යන්න දෙන්න"
Yibo පවසන්නට පටන් ගත්තා. ඇත්තටම ඔහු බිය වී සිටියේ නැහැ. ඒත් ඔහුගේ දෑස් ගැට ගසා සිටි නිසා මෙතන තත්වය පිළිබඳ අවබෝධයක් නොමැතිව ඔහුට පුරුදු පරිදි රළු වෙන්නට බැහැ. ඒ නිසා ඔහු බුද්ධිමත්ව කටුයුතු කල යුතුයි.
"ඔයා එක්ක අපි විහිළු කරනවා කියලා කවුද ඔයාට කිවුවේ? Mr Wang ඔයා නිශ්ශබ්දව හිටියේ නැත්තන් ඔයාගේ පුංචි යාලුවා යහතින් ගෙදර යන්නේ නැති වෙයි"
එය ඇසුනු ගමන් Yibo ගේ මුළු ශරීරයම සීතල වී ගියා. ඔවුන් පවසන දේ ඇත්තක්ද? නැහැ එහෙනම් Zhan, ඔහුගේ පුංචි bunny ට මුකුත් වෙන්නට දෙන්න බැහැ. මේ අය හොඳ පිරිසක් නම් නෙමෙයි. ඒත් ඇයි ඔවුන්ට Zhan ට උවමනා. මොනවද මෙතන වෙන්නේ මේ කිසිවකට හේතුව නොදැන ඔහුගේ මුළු ගතම දහදියෙන් තෙත් වී ඔහුගේ ගැට ගැසූ දෑස් වලින් කඳුළු ගලා එන්නට වුනා.
"නැහැ නැහැ....මගේ Zhanzhan ට මොකවත් කරන්න එපා. මම ඔයාලා කියන ඕනි දෙයක් කරන්නම්...එයාට අත තියන්න එපා. please please"
Yibo කියන්නේ කාටවත් බැගෑපත් වන අයෙක් නොවේ. ඒත් Xiao Zhan කියන්නේ ඔහුගේ ලොකුම දුර්වලතාවය ඒ නිසා ඔහු Zhan වෙනුවෙන් බැගෑපත් වන්නට නෙමෙයි ඕනිම දෙයක් කරන්නට සූදානම්. Yibo ගේ බැගෑපත් වීම හමුවේ අනෙක් පුද්ගලයා මහා හඬින් සිනාසෙන්නට වුනා.
"ඔහ්.....ඔයා දන්නවා වගේ අපි කා ගැනද කතා කරන්නේ කියලා. ඒත් Mr Wang ඔයා දිගටම මගෙන් ඔය වගේ ප්‍රශ්න කරන්න ආවොත් මට ඔයගේ යාලුවාගේ ආරක්ෂාව ගැන වග කියන්න බැහැ. මොකද මම කැමති නැහැ කවුරුත් මගෙන් අනවශ්‍ය විදිහට ප්‍රශ්න අහනවට..."
ඒ ගැඹුරු සරදම් කටහඬ සමග Yibo හුස්ම ගැනීම පවා ගල් කරගනිමින් තම කඳුළු සඟවා ගන්නට වුනා. ඔහු ඉක්මනින් අනෙකාට එකඟ වෙන්නට වුනා.
"හරී....හරී....මම මොකවත්ම අහන්නේ නැහැ. කිසිම දෙයක්...මම පොරොන්දු වෙනවා. ඒත් කරුණාකරලා Zhan ට මොකවත් කරන්න එපා. මම ඔයාලා කියන විදියටම ඉන්නම්..."
අනෙක් පසින් කාමරය දෙදරවමින් විශාල සිනහා ශබ්දයක් ඇසුනා. Yibo ට එයින් තේරුනු එක් දෙයක් තමයි තමන් මේ සිටින්නේ හිස් කාමරයක බව. ඒහෙත් ඔහු කිසිවක් ආයේ අසන්නට මුව විවර කලේ නැහැ. පේන විදිහට මේ පුද්ගලයන්ට ඔහුව මරන්නට තරම් උවමනාවක් නැහැ.
"Well done Mr Wang....Well done....අපි හිතුවට වඩා ඔයා ගොඩක් කීකරුයිනේ. ඒත් එහෙම උන එක හොඳයි. මොකද ඔයා මතයි ඔයාගේ පුංචි යාලුවාගේ ගමන තීරණය වෙන්නේ"
Yibo කිසිවක් නොකියා දෙතොල සිහින් කරගත්තා. කවුදෝ අයෙක් ඔහුගේ පිටිපස්සෙන් පැමිණ හිටගත් බවයි Yibo ට දැනුනේ. ඔහු වෙන දෙයක් ගැන අනුමාන කිරීමටත් පෙර, ඒ සමගම පෙර මෝටර් රථයේදී උන ආකාරයට කවුදෝ ඔහුගේ ගෙලට පහරක් එල්ල කලා. ඒ සමගම නැවත තම සිහිය මිදී යන යමින් Yibo නින්දට වැටුනා.
_________________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
•
•
•
•
•
•
✯ ✯ ✯ ✯ ✯ ✯
𝑻𝒐 𝒃𝒆 𝒄𝒐𝒏𝒕𝒊𝒏𝒖𝒆𝒅........
No comments:
Post a Comment