සිහිනයක් ලෙස පාට විත්
මගෙ හද අද්දරින්
පෑයු සද ඔබයි..
අසන හැම ගීතයේම
දකින හැම සිහිනයේම
මුළු ජීවිතයට
රැදුණු ඒ රැව් ඔබයි..
සසර සැරි සරණා තුරුම
මා පතන්නේත්
ඔබම සමණයි..
මගෙ හද අද්දරින්
පෑයු සද ඔබයි..
අසන හැම ගීතයේම
දකින හැම සිහිනයේම
මුළු ජීවිතයට
රැදුණු ඒ රැව් ඔබයි..
සසර සැරි සරණා තුරුම
මා පතන්නේත්
ඔබම සමණයි..
•
•
•
𝓐 𝓢𝓽𝓸𝓻𝔂 𝓞𝓯 ʰᵉᵃʳᵗˢ ❤
•
•
•
මම ඔබට ආදරෙයි
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
සීතල සිහිල් සුළං රැලි හැම අතම ගලා එන්නට උනේ මුළු ගතම සීතලෙන් හිරි වට්ටමින්. හිම පියළි පොලව සිප ගැනීම නවතා මදකට විරාමයක් ගෙන සිටියත් සීතලෙන්නම් කිසිම අඩුවක් වී තිබුනේ නැහැ. ඒත් අඳුරු වන පියස නම් හිම වලින් කිසිම බාධාවක් නොමැතිව අහස් වලාකුලු සිප ගනිමින් ඉහලට ආඩම්බරයෙන් නැගී සිටියා. අඳුරු වනාන්තරයේ ඇතුලට පැමිණෙන අයෙක්ට පිටත හිම වලින් වැසිලාද කියලත් අමතක වෙනවා. ඒ තරම් එහි ඝන වැස්ම එක් හිම පියල්ලක්වත් පොළව සිපගැනීම වළක්වා තිබුනේ එහි නාමය එයට තව තවත් හරියටම ගැලපෙන බවට ඔප්පු කරන්නට වගේ. හිරු කිරණ නොවැටුනු තෙත් පොළව මත ලොකු කුඩා සතුන් සනීපයට ගුහා වැදී සිටියේ නැතිනම් මෙයට එලඹෙන ඕනිම අයෙක්ට මේ සීත කාලය කියා අමතක වෙනවා.
අඳුරු වනාන්තරයට එලඹෙන තැන සිට මදක් ඈතින් ඇති විශාල රූස්ස ගස පාමුල සිහිසුන් උනු කඩවසම් තරුණයෙක් වැටී සිටියා. ඇත්තටම එයට වැටී සිටියාට වඩා ඔහුව එතන කවුරුන් හෝ ගසට හේත්තු කර නිදා ගැනීමට සලස්වා තිබෙනවා යැයි කියන්නට පුළුවන්. එහෙත් සීතල සුළං ඔහුගේ සුදුමැලි නිරුවත් කම්මුල් මත ගෑවෙන විට ටිකෙන් ටික සිහියට පැමිණෙන්නට වුනා. Yibo සෙමින් ඔහුගේ බර වුනු දෑස් අරින්නට වුනා. ඔහු සිටින තැන ගැන ඔහු දැන සිටියේ නැහැ. ඒත් මදකින් තම ශරීරය සැහැල්ලු වී හිසේ බර වුනු බව අඩු වන විට ඔහු සෙමින් වටපිට බලන්නට වුනා.
"කොහෙද මේ?" ඔහු දෑස් පිස දමමින් දෑත් වල හිරි අරිමින් වට පිට බලන්නට පටන් ගත්තා.
"Dark Forest එක??? වෙන්න බැහැ. ඒත් මම කොහොමද මෙහෙට ආවේ? මේක හීනයක්ද? මම දැන් ටිකකට කලින් හිටියේ පැහැරගෙන....ඒත් දැන් මාව මෙහෙට ගෙනත් අත හැරලා....මොනාද මෙයාලා මගෙන් බලා පොරොත්තු වුනේ?" ඔහු සෙමින් සෙමින් ඉඳ සිටි තැනින් නැගිට්ටා.
"මොනා උනත් කමක් නැහැ. මම මෙතනින් යන්න ඕනි.... *සුසුමක්* මම හිතනවා මගේ Zhanzhan පරිස්සමින් ඇති කියලා"
Yibo ට අවශ්‍ය එකම දේ මෙතනින් පිටතට ගොස් ඔහුගේ පුංචි මිතුරා ප්‍රවේශමෙන් ඇවිත් ඇත්දැයි දැනගැනීමයි. එහෙත් අඳුරු වනාන්තරයේ යන්න ඕනි පැත්ත දැන සිටියේ නැහැ. ඒ නිසා ඔහු තමන්ට හිතෙන පැත්තට ඇවිද යන්නට වුනා. ඒත් මදකින් ඔහුට දැනෙන්න ගත්තේ ඔහු පසුපස කවුරුන් හෝ ඇවිද එන බවයි.
"කවුද ඔය?"
Yibo තමන්ගේ ගමන නවතා තරමක් තියුණු කටහඬකින් ඇසුවා උනත් කිසිවෙක් පිළිතුරු දුන්නේ නැහැ. ඒහෙත් ඔහු වටපිට බැලුවත් කිසිවෙක් සිටියේ නැති නිසා ඔහු උරහිස් හකුලවමින් නැවත ඇවිද යන්නට පටන් ගත්තා. එහෙත් ආයේම කවුරුන් හෝ ඔහු පසුපස එන්නට වුනා. එවර නම් එය සහතිකයි කවුරු හරි පැමිණෙනවා. ඒ අර පැහැරගත් අය ගෙන් අයෙක්ද? ඒත් ඔවුන් මේ නටන නාඩගම මොකක්ද?
"කවුද ඔය? හැංඟෙන්නේ නැතිව එලියට එනවා...."
Yibo තරහෙන් කෑ ගසන්නට වුනා. එවරද ශබ්දයක් නැති නිසා ඔහු විමසීමෙන් ඇවිද යන්නට වුනා. ඔහුගේ පියවර වේගවත් වන විට පැමිණෙන කෙනාගෙද පියවර වේගවත් උනා. ඒත් සමගම Yibo මදක් වේගයෙන් දුවන්නට ගත්තා. ඒත් ඔහු පෙර හැඟවීමක් නොකර නැවතුනු විටම ඔහු පිටුපසුන් පැමිණෙන කෙනා එක සැරේටම ඔහුගේ ළඟටම දිවගෙන ඇවිත් එක් මොහොතකින් පිටුපස හැරුණු Yibo ගේ දෑත් අතර නැවතුනා.
"Zhanzhan?" Yibo කෑ ගසමින් ඔහුව තදින් අල්ලාගෙන සිටින ඔහුගේ කුඩා මිතුරාව වැලඳ ගත්තා.
"Bobo...."
"ඔයා මොනාද මෙහේ කරන්නේ? මෙහෙට ඇයි ආවේ? ඔයා මෙහෙන් යන්න ඕනි Zhan. ඔයාට මෙහේ ඉන්න බැහැ...ඔයාවයි එයාලා හොයන්නේ...නැහැ නැහැ මෙහේ ඉන්න බැහැ ඔයා යන්න....bunny මෙහෙන් යන්න...."
"Bobo....මගේ දිහා බලන්න..."
"නැහැ...මේක වෙන්න බැහැ....ඔයාව එයාලද මෙහෙට ගෙනාවේ....මෙහෙන් යන්න.... *Zhan ගේ අතින් අල්ලාගෙන යන්නට සූදානම් වෙමින්* මෙහේ එන්න අපි මෙහෙන් යන්න ඕනි...මම එයාලට ඔයාට මුකුත් කරන්න දෙන්නේ නැහැ....එන්න Zhanzhan...."
"Bobo...මම කියන දේ අහන්න....කලබල වෙන්න එපා...."
Zhan ඉක්මනින් තමන්ගේ දෑත් අතරට Yibo ගේ කම්මුල් දෙක අරගෙන ඔහුගේ මිතුරාගේ දෑස් දෙසට එබුනා. ඒත් Yibo සිටියේ හොඳ සිහියෙන් නොවේ. ඔහුට ඔහු ගැන බයක් නැහැ. ඒත් Zhan??.....ඔහුට මොනවා හරි උනොත්....
"මොකටද කලබල වෙන්න එපා කියන්නේ??? මෙහෙන් යන්න bunny please..."
ප්‍රථම වතාවට Yibo ගේ කඳුලු බේරෙන දෑස් දුටු Zhan ඔහුව තදින් වැලඳගෙන Yibo ගේ ගෙලේ තම මුහුණ ඔබාගෙන ඔහුගේ උරහිස මෘදුව සිප ගෙන ඔහුගේ පිට රවුමට අත ගාමින් ඔහුව සන්සුන් කරන්නට පටන් ගත්තා. Zhan ගේ හුරුබුහුටි, සිහින්, සන්සුන් කටහඬෙන් ඔහු නොසන්සුන් උනු තමන්ගේ මිත්‍රයාව සන්සුන් කිරීමේ වදන් මුමුණන්නට වුනා.
"කවුරුත් නැහැ Bobo....කවුරුත් මට වත් ඔයාටවත් කරදර කරන්නේ නැහැ. අපි මෙහේ ආරක්ෂිතයි.....ඔයා සන්සුන් වෙන්න....බලන්න මම හොඳින්...ඔයත් හොඳින්.....ඒ නිසා සන්සුන් වෙන්න..."
Yibo සෙමින් සෙමින් සන්සුන් වෙමින් Zhan ගේ ගෙලේ තම මුහුණ සඟවා ගනිමින් විශාල හුස්මක් ගත්තා. ඔහුට මග හැරී තිබුනු ඒ සුවඳ නැවත විඳීමට ලැබීම......මෙතෙක් වෙලා බිමට වැටී තිබුනු ඔහුගේ අත් දෙක සෙමින් Zhan ගේ කුඩා ඉනවටා එතුනා. දෙදෙනාම මොහොතක් මග හැරී තිබුනු මේ ආදරණීය වැලඳ ගැනීම් විඳින්නට වුනා. Yibo ට එය විශාල දෙයක් උනා. මේ වසර තුනට ඔහු මේ පුංචි මිතුරාගේ මේ වැනි ආදරණීය වැළඳ ගැනීම් නොමැතිව දැඩි පාලුවකින් හිටියේ. ඒ නිසා එය නැවත අත් විඳීමට ලැබීම ඔහුගේ මනස සන්සුන් කරන්නට වුනා.
"Bobo....ඇස් වහගන්න..."
මද වේලාවකින් වැලඳගැනීමෙන් මිදී සෙමින් ඉවතට පැමිණෙනමින් Zhan පැවසුවා. ඒත් Yibo පුදුමයෙන් එක් ඇහි බැමක් එසෙව්වත් Zhan ගේ මුහුණේ ඇති කරුණාකර යන ඉල්ලීම නිසා ඇස් වසා ගන්නට තීරණය කරා.
"please.....මම කියනකන් ඇස් දෙක අරින්න එපා. හරිද?" ඔහු සෙමින් සෙමින් Yibo ගෙන් මිදි තරමක් ඈතට ගොස් සිට ගත්තා.
"Wang Yibo....ඔයා මගේ උගුලට අහු වුනා. දැන් ඉතින් ඇස් අරින්න"
Yibo උඩගොස් බිම වැටුනා. ඔහුව පැහැරගත් කෙනාගේ කටහඬ එක පාරටම ඇසීම නිසා ඔහු තිගැස්සී ඇස් ඇරියා. ඔහු දුටුවේ Voice changer එකක් අතේ තබාගෙන තමා දෙසට හුරුබුහුටි ලෙස නොනවත්වා ඇසි පිල්ලන් ගසන ඔහුගේ කුඩා මිත්‍රයාවයි.
"Xiao Zhan.....ඔයා මාව විහිළුවකට ගත්තා. ඔයා මොකක් කරනවා කියලද හිතන් ඉන්නේ?"
අඳුරු වනාන්තරේ නිහැඬියාව බිඳිමින් Yibo මහා හඬින් කෑ ගසන්නට වුනා. ඔහුට තරහක් නැහැ. ඔහුට තිබුනේ දුකක්....ඔහු මේ තරම් විශ්වාස කරන ඔහුගේ හොඳම මිතුරා මොකක්ද ඒ කරපු සෙල්ලම කියලා.
"මට සමාවෙන්න Bo...මට ඔයාව චුට්ටක් බය කරන්න විතරයි ඕනි උනේ....මම දෙයක් දැනගන්නයි එහෙම කරේ..."
ඒත් Zhan ගේ අන්තිම වචන ටික නම් Yibo ට ඇසුනු පාටක් නැහැ. ඔහු අඩියට දෙකට Zhan අසලට ළං වී ඔහුගේ උරහිස් දෙකෙන් අල්ලා ගත්තා.
"ඔයා දන්නවද මම කොච්චර බය වුනාද කියලා? මගේ ලේ කොච්චර වතුර උනාද කියලා? මම ජිවිතේ කවදාවත් නැතිව දෙවිවරුන්ට පවා ඔයාව පරිස්සමෙන් ගෙදර යවන්න කියලා ඉල්ලුවා. ඔයාට මොනා හරි උනා නම්??? මම ඉඳලා වැඩක් තියෙනවද? අඩුම තරමේ ඔයා දන්නවද මම ඔයාට කොච්ව්ර ආදරේද කියාලා???...."
Zhan ජයග්‍රහී බැල්මක් සමග ඇහි බැම දෙක උඩට එසවූ විට හති අරිමින් සිටි Yibo ට තමන් මේ දැන් තමන්ගේ ජිවිතේ ලොකුම රහස එලි කර බවට තේරුනා. ඔහු ඉක්මනින් Zhan ගේ උරහිසෙන් අත් දෙක ගෙන උඩ බිම බලන්න ගත්තේ කියන්නට දෙයක් නැතිවයි.
"ඒක....අමතක කරලා දාන්න....මම මොකවත් කිවුවේ නැහැ...ඒක මේ...මේ...."
"ඇත්තට....මගේ හොඳම යාලුවා මට මේ දැන් ආදරෙයි කියපු එක අමතක කරලා දාන්න?"
Zhan අඩියක් ඉදිරියට තබා තමන්ට වඩා ටිකක් උස උනු Yibo ගේ මුහුණට එබී රහසක් කියනවා වගේ කටහඬකින් විමසන්නට වුනා. ඒ සමගම ඒ දෑස් වල අතරමං වුනු Yibo තවත් මේ දේවල් හැංඟීමේ තේරුමක් නැති බව තේරී සුසුමක් පිට කරා.
"මම ඔයාට ආදරෙයි Zhanzhan....ඒත් ඒ යාලුවෙක් විදිහට නෙමෙයි. ඒක romantic විදිහට....මම, අපි university එකට යන්න ගත්ත පලවෙනි දවසේ ඉඳන් ඔයාට ආදරේ කරන්න ගත්තේ....මම...ම්ම්ම්ම්ම්...."
Yibo තමන්ගේ වචන අවසන් කරන්නටත් පෙර Zhan ඉහලට එසවී Yibo ගේ රත් පැහැති පිරුණු ලවන් යුගලය තම මුවට ගෙන සිප ගන්නට පටන් ගත්තා. මුලින්ම එයට Yibo ගල් ගැසුනත් ඉක්මනින් ඔහු මේ ලෝකයට පැමිණ වසර ගණනක් පුරා ඔහු හැම විටම රස බැලීමට උවමනාවේ සිටි ඒ සිහින් රතු පැහැති ලවන් යුගලය තම ලවන් පත් වලින් උරන්නට ගත්තේ ඔහු අතට සිප ගැනීමේ මෙහෙය වීම ගනිමින්. විනාඩි කිහිපයකට පසු ඔක්සිජන් වල අවශ්‍යතාවය තදින්ම දැනෙන්න ගත් විට ඔවුන් එකිනෙකාගෙන් ඈත් වුනා.
Zhan තමන්ගේ දෑත් අතරට Yibo ගේ කම්මුල් අල්ලාගෙන මහපට ඇඟිල්ලෙන් තෙත් වී ඉදිමුණු උඩු තොල පිරිමදින්නට වුනා.
"මාත් ඔයාට ආදරෙයි Bo..."
"අහ්..."
"ඇයි ඔයා පුදුම වෙලා....ඔයාට විතරද මට ආදරේ කරන්න පුළුවන්? මට ඔයාට ආදරේ කරන්න බැරිද? ආව්ශ් මගේ Bobo දැන් තවත් Handsome නේ"
ඔහු ආයේම ඉදිරියට එසවී පුංචි හාදුවක් Yibo ගේ ලවන් වලින් සොරකම් කර හුරුබුහුටි ලෙස සිනහ වෙන්නට වුනා.
"කවදා ඉඳන්ද?" Yibo ගේ කටහඬ පුදුමය නිසා එලියට පැමිණියේ රහසක් වගේ. "මම අහන්නේ කවදා ඉඳන්ද Zhanzhan?"
"අපි Middle school කාලේ ඉඳන් වගේ...."
"ඒත් ඔයා අපේ school එකේ හිටියා කියලා මට මතක නැහැනේ" Yibo පුදුමයෙන් හිස ඇල කරා.
"ඔයා හරි...මම ඔයාලගේ middle school එකේ නෙමෙයි. ඒත් ඔයාලගේ school එකෙන් තියපු welfare එකකට ආපු වෙලාවේ තමයි මම ඔයාව ඉස්සෙල්ලම දැක්කේ. ගැනූ ළමයි ඔයාට පිස්සු වැටිලා හිටියේ. මම ඔයාව දකිද්දී ඔයා basket ball play කරලා වතුර ගොඩක් නාලා තෙත් වෙලා so sexy පාටට හිටියේ. ඒ වෙලාවේම මම ඔයාට පිස්සු වැටුනා. ඊට පස්සේ මම ඔයා ඉන්න highschool එකට ආවා. ඒත් අපි එක පන්තියේ නෙමෙයි හිටියේ. ඒත් මම එතකොට ගොඩක් nerd පාටයි. ඒ නිසා ඔයාට කවදාවත් මාව notice උනේ නැහැ. එත් මම ඔයාව university එකටත් follow කරා. ඊට පස්සේ මම ඔයාට මාව notice වෙන්න ඉඩ දුන්නා. ඉතින් අන්තිමට ඔයාට ඔන්න මම මට ආදරේ කරන්න සැලස්සුවා."
Zhan සිනාසෙන්නට වුනා.
"අවුරුදු 9ක් තිස්සේ මම ඔයාට ආදරේ කරනවා Bo...." Zhan ගේ දෑස් වලින් විශාල කඳුලු බිඳු දෙකක් කඩා වැටුනා. Yibo ඉක්මනින් ඉදිරියට පැන අනෙකාගේ කඳුලු පිස දමා ඔහුව තදින් වැලඳගත්තා
"Oh.....God....මගේ baby Zhanzhan...මේ තරම් ආදරයක් ඔයා මං වෙනුවෙන්....මට සමාවෙන්න Zhanzhan....මට ඇත්තටම සමාවෙන්න...ඔයාට මේ තරම් කාලයක් බලන් ඉන්න දුන්නට....."
"එහෙනම්...."
Zhan, Yibo ගෙන් පස්සට ගොස් සක්කුවට අත දමා යමක් එලියට ගත්තා.
"ම්....හරි නම්....ඔයා තමයි මට propose කරන්න ඕනි ඒත්...." ඔහු ලැජ්ජාවෙන් රිදි පැහැති couple මුදු යුගලයක් ඇති කළු පැහැති Box එකක් Yibo අතට දිගු කලා.
"ඔයාම propose කරන්න..."
ඔහුගේ කම්මුල් රතු පැහැ වී ඔහු ලැජ්ජාවෙන් ඇඹරෙමින් Yibo ගේ දෑස් මග හරින්නට වුනා. Yibo මද වෙලාවක් බලා සිට නැවත මද සිනහවක් පා අවසානයේ එය තමන් අතට ගෙන Zhan ඉදිරියේ දණ ගසා ගත්තා.
"එහෙනම් මගේ baby bunny ඔයා හැම දේම ලෑස්ති කරලමයි නේද ආවේ?"
"මොකද මම දැනගෙන හිටියා ඔයා මට ආදරෙයි කියලා"
"ඇත්තට...?"
"හ්ම්...අහ්....අනේ...ඉක්මනට අහන්නකෝ"
Zhan රතු වෙමින් යටි තොල සපාගෙන ඉවත බලා ගත්තා.
"අහ්ම්...අහ්ම්...අහ්ම්....Zhanzhan....මගේ චූටී bunny....මම ඔයාට මීට අවුරුදු 5කට කලින් ඔයාගේ ලස්සනම ලස්සන හිනාව දැකපු පලවෙනි මොහොතේ ඉඳන් ඔයාට පිස්සුවෙන් වගේ ආදරේ කරා. ඒත් ඔයා මගේ roomate කියලා දැනගත්තම මට තව ටිකක් පිස්සු වැටුනේ නැති එක විතරයි. මම ඔයාගෙන් කැමැත්ත අහන්න එන හැමෝමව බය කරලා ඔයාට හොරෙන් එලව ගත්තේ ඔයාව මට විතරක් තියාගන්නයි. නිකමට හරි ඔයා කවදාවත් මට ආදරේ නොකරා නන් *ලැජ්ජාවෙන් සිනහවෙමින්* ඔයා ජිවිත කාලේම මම නිසා තනියෙන් ඉන්න වෙනවා. ඒත් බය වෙන්න එපා මම හැමදාම ඔයාව බලා ගන්නවා. කොහොමහරි ඔයා මටත් වඩා කාලයක් මට ආදරේ කරලා. ඉතින් මගේ චූටී bunnyo මම ඔයාට ගොඩක් ආදරෙයි. මම පොරොන්දු වෙනවා ඔයාව හැමදාම ආදරෙන් බලාගන්නවා කියලා. මම කවදාවත් ඔයා මේ තරම් මං වෙනුවෙන් කරපු කැප කිරීම කවදාවත් අපතේ යන්න දෙන්නේ නැහැ....ඉතින් Zhanzhan... මගේ bunny...ඔයා මාව marry කරන්න කැමතිද? හැමදාම මගෙත් එක්ක ජීවත් වෙන්න කැමතිද? මේ මෝඩ කොල්ලව හැම "
Zhan සෙමින් සෙමින් බිම දණ ගසාගෙන සිටින Yibo අසලට පැමිණ පහත් වී ඔහුගේ නලල සිප ගත්තා.
"අනිවාර්යයෙන්ම....මගේ නපුරු සිංහයෝ...."
ඒ සමගම මුදු හුවමාරු කරගත් ඔවුන් දෙදෙනා ඒ දෑත් එකට බැඳ දෙදෙනා සමගම එකට සිනාසෙන්නට වුනා. Yibo ආදරණීය සිනහවක් සමග Zhan ගේ නලල මත නලල තබා ගත්තා.
"මේ දඟමල්ල...මාව kiddnap කරා මදිවට සේරම plan කරලා....දෙවියනේ මට නම් මේ හැමදේම හීනයක් වගේ....මම උදේ නැගිට්ටේ මගේ Zhanzhan ව පිළිගන්න ඒත් දැන් හවස් වෙනකොට එයා මගේ ගාව මගේ fiance වෙලා ඉන්නවා. ඔයානම් මහ පුදුමයි bunny...."
"හී...හී....දැන් ඉඳන් මම ඔයාව සදහටම මගේ හිරකාරයෙක් කරගෙන ඉවරයි....ලෑස්ති වෙන්න මගේ දඬුවම් වලට ලක් වෙන්න..."
"එහෙනම් මම මේ ලෝකේ සතුටෙන්ම දඬුවම් විඳින හිරකාරයා වෙනවා....Thank you bunny මගේ ජිවිතේට ඇවිත් මට ආදරේ කරනවට....I love you sooo much"
"I love you too Bobo...."
ඔවුන් නැවත ඔවුන්ගේ දෙතොල් වලට දීර්ඝ සංවාදකට ඉඩ හසර ලබා දෙමින් දෙදෙනා දෙදෙනාගේ ලවන් වලට හමුවන්නට ඉඩ හැරියා.
"Bobo ඔයා දවසක් කිවුවා නේද මාව මෙකේ ඇවිද්ද වන්න එක්කන් එනවා කියලා...."
"ම්.....එන්නකෝ...මම ඔයාට මම චූටී කාලේ සෙල්ලම් කරපු ගල් ගුහාව පෙන්නන්නම්..."
එකිනෙකාගේ දෑඟිලි එකට බැඳුනා....ඒ ඇඟිලි වල රැඳුනු මුදු හිරු කිරණ වැදී දිදුලන්නට උනා. අයෙක් හුරතල් බසින් තමන්ගේ සතුට පවසන විට තවත් අයෙක් ආදරයෙන් ඒ සියල්ලටම සවන් දෙමින් ඇවිද යන්නට වුනා....
ජිවිතය යනු කවියක් නම්....
ආදරය යනු එහි සොඳුරම වදනයි.....
අපි ඒ පද අතර අකුරු වී....
නිමක් නොමැති ආදරය විඳිනෙමු.....
_________________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
•
•
•
•
•
•
✯ ✯ ✯ ✯ ✯ ✯
.......𝐄𝐍𝐃........
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
꧁𝓐 𝓢𝓽𝓸𝓻𝔂 𝓞𝓯 ♡︎ʜᵉᵃʳᵗˢ♡︎꧂
🌹❤💛💚🌹
ආදරය කියන සොඳුරු ගීතයේ තනු පදය ඔබයි මට.....
ආදරය කියන මහා සාගරයේ සාගර රැලි පෙළ ඔබයි මට.....
ආදරය කියන නිල් ගුවන් ගැබේ වලාකුලු පෙළ ඔබයි මට.....
මගේ ජීවිත ගලන ගං දියේ මගේ හැමදේ ඔබයි මට.....
ඉතින් ඔබ හමුවට ආ කෙටි කතාව මෙතකින් සමාප්ත කරමින් ඒ ආදරණීය යුවලට ඔවුන් ගේ ම ආදරණීය ලෝකයක තනි වීමට ඉඩ දෙමින් ඔබටත් ඔබේ සුන්දර ආදර කතාව ආදරයෙන් රැක ගන්නට ප්‍රාර්ථනා කරමින් ඔබා ආදරණීය ලේඛිකාව මෙතකින් සමුගන්නවා.
•
•
•
•
•
_𝕾_𝕬𝖓𝖚_𝕿𝖗𝖎𝖓𝖐𝖞_
No comments:
Post a Comment