Popular Posts

ᴀ sᴛᴏʀʏ ᵒᶠ ʜᴇᴀʀᴛs

රම්භයක්

ආදරය කියන්නේ හරිම සුන්දර දෙයක්....


ඒ ආදර මාවතේ නිවැරදි කෙනෙක් එක්ක යන්න තීරණය කරොත් ඒ සුන්දර ආදරය තවත් සුන්දර විදියට විඳින්න පුලුවන්....

ඒහෙත් ඔයා කලබල උනොත්.....

සුන්දරයි කියන ආදරය ඔයාට හිතා ගන්නවත් බැරි තරම් අසුන්දර වෙයි....


හරියට මගේ කතාව වගේ.....


"ඇයි ඔයා මට ආදරෙයි කියන්නැත්තේ..?"

"බබා,ඕක හැමවෙලේම කියන්න දෙයක්ද..ඔයා දන්නවනේ...මම ඔයාට ආදරෙයිද නැද්ද කියලා.."😞

ඉතින්...මම ඉගෙනගත්තා..
ප්‍රේමය කියන්නේ..දැනිය යුතු දෙයක් කියලා...ඒ නිසාමයි..කාටවත්ම ආදරෙයි කියලා නොකියන්නේ....🙏

"අපි අද එළියට යමුද....එළියෙන් කාලා කොහේ හරි ඇවිදලා..එමුද..?"

"අයියෝ බබා මට ටිකක් වැඩ..අනිත් එක..ඇගේ එල්ලීගෙන දැවටීගෙන...පාරක් පාරක් ගානේ ඇවිදින එකද ආදරේ..ආ..."


ඉතින් මම ඉගෙන ගත්තා. ජෝඩු දාලා ඇවිදින එක නෙමෙයි ප්‍රේමය කියලා...
ඔහේ ඉබාගාතේ ඇවිදින..පෙම්වතුන් දැක්කම ඉරිසියා හිතෙන එක සාමාන්‍යය ⁣නැද්ද...?

කවදාවත් වෙඩින් එකක් ප්ලෑන් නොකරපු.. දරුවන්ට ලස්සන ලස්සන නම් නොදාපු...
ඉද හිටකවත් නළල ඉඹින්නවත්..වරම් නැතිවුණු...
ප්‍රේමයක් තියෙන්නම බැරිද..එක පපුවකට විතරක්ම සීමා වුණු.....😢

ලස්සන ආදර කතා පටන් ගන්නේ...වේදනාවකින්...
වෙන් වුණත් ආයෙමත් හමුවන්න ප්‍රාර්ථනා කරන පෙම්වතුන් ලෝකේ ඕන තරම්...😑😑
අද ඔයාට හෙට මට..මරණය එන්න පුළුවන්..පැති ගොඩාරියකින්..

දන්නවද බබා...උඹ ආදරේ දුන්නෙම..අත් ඇරගන්න පුළුවන් දුරක තියන්..

කවදාවත් වැරැද්දක් දැක්කේ නෑ මං.
හරි දේ උඹෙන් හොයපු නිසා...
වෙන කාගෙවත් වෙන්නත් බෑ තමයි..
හැමෝගෙන්ම මම උඹවම හොයන නිසා..

"ඉන්න තැනක සතුටින් ඇති.."

කිව්වත් කව්රු කව්රුත් ලස්සන කතා ගොතලා..
මං දන්නවා..
කොහේදෝ ඈතකට වෙලා තව කව්රුම හරි ලගට වෙලා..
උඹ ඉන්නවා මං දිහා⁣ හොරෙන් හරි බලන්....

ඉතින් ප්‍රේමයකට කල් ඉකුත්වීමක් නෑ..
ආයේ කවමදාවත්ම දැක ගන්න බැරි වුණත්..❤

ඒත් මම අද ඔයාලට කියන්න යන්නේ ඊට වඩා වෙනස් ආදර කතාවක්....

එකිනෙකාගේ හදවත් වලට දුක දෙන්න බැරුව හිර කරන් හිටපු පුංචි ආදර කතාවක්....

ඒත් අන්තිමට ඒ ආදරණීය හදවත් දෙක එකට එකතු වෙයිද?....

නැතිනම් මිත්‍රත්වයේ නාමයෙන් මැරෙන තුරා ආදරය සඟවයිද?










No comments:

Post a Comment

බලාපොරොත්තුව

ආ රම්භය ඇදීයන සංගීත ස්වර තාල අතර..... ගලයාන ජිවිත ගීතයේ.... අමිහිරිම තනුවක් අතර ලතැවුනු.... මිහිරිම මතක අවදි කරමින්...... ඔවුන්ගේ ආදර ගී...